කොරියාවේ සෝල් නගරයේ ජාතික ධීවර සංගම් මූලස්ථානයේදී එම සංගමයේ නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇත.
කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ‍්‍රමිකයින්ට පවතින ගැටලු සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යවරිය කොරියාවේ ජාතික ධීවර සංගම් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
එහිදී එම නිළධාරීන් පවසා සිටියේ කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නියුතු ශ‍්‍රමිකයින්ට ලබාදෙන පුහුණුව සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් අවධානය යොමුකළ යුතු බවයි. ඉදිරියේදී තවදුරටත් කොරියාවේ ජාතික ධීවර සංගමය සමග සබඳතා ශක්තිමත් කර ගතයුතු බව අමාත්‍යවරිය සඳහන් කර ඇත.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර, තානාපති කාර්යාලයේ කවුන්සිලර් පි‍්‍රයන්ත සේනානායක, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බඳවාගැනීම් අංශයේ කළමණාකරු කේ.එස්. පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් එක්වී සිටියහ.