කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල මඟින් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් මෙම නීතී ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිටියදී හාම්පුතුන් විසින් ඔවුන්ගේ හිතු මනාපයය අනුව අසාධාරණ ලෙස සේවකයන් ඉවත් කිරීමේ සිද්ධීන් දිනපතාම අමාත්‍යංශය වෙත වාර්තා වේ.
එයට පිළියමක් ලෙස ඔවුනට නීතිමය පිළිසරණ ලබා දීමේ වැඩපිළිවෙලක් ශ්‍රම වාසනා අරමුදල මගින් සිදු කරනු ලැබේ. ඒ අනුව අසාධාරණයට ලක්වන සේවකයන් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා දීමට කටයුතු කරයි.
නමුත් සේවයෙන් ඉවත්කරනු ලැබු සේවකයන්ට නඩු කීමට එම මුදල ප්‍රමාණවත් නොවන නිසා පෞද්ගලික අංශයේ සේවකයන් බොහෝ දෙනෙක් හාම්පුතුන්ට විරුද්ධව නඩු මගට පිවිසීමට මැලිකමක් දක්වයි.
මේ තත්වය පිළිබඳ අවධානය යොමු කළ කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් මේ සඳහා ලබා දෙන නීතී ආධාර මුදල වහාම රුපියල් 20,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධව පෞද්ගලික අංශයේ සේවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රම වාසනා ආයතනයේදී පැවත් විය. එහිදී අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ පෞද්ගලික අංශයේ තෝරාගත් සේවකයන් 15 දෙනෙක් සදහා සංකේතාත්මකව නීති ආධාර චෙක්පත් ලබා දීම ද කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබීය.
මේ අනුව අසාධාරණ ලෙස සේවය අවසන් කරනු ලැබු සේවකයෙකුටලකම්කරු අධිකරණයකලකම්කරු විනිශ්චය සභාවකලකම්කරු වන්දි කොමසාරිස් වෙත හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කිරීමේ අංශයේ විභාග වන පැමිණිල්ලක් වෙනුවෙන් රුපියල් 20,000ක මෙම නීතී ආධාර මුදල ලබා ගැනීමට හැකියාව ලැබේ.එසේම බේරුම්කරණ නඩුවක් සඳහා රුපියල් 30,000 ක නීතී ආධාර මුදලක් ද ප්‍රථම වතාවට පිරි නැමීමටද ශ්‍රම වාසනා ආයතනය මේ වන විට පියවර ගෙන ඇත.
අසාධාරණයට ලක්වු සේවකයන්ට නීතී ආධාර ලබා දීමේ මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ගෝඨභය ජයරත්න මහතා,කම්කරු අධ්‍යක්ෂ ජනරාල් චාන්දනී අමරතුංග මහත්මිය,ශ්‍රම වාසනා ආයතනයේ සාමාන්‍යාධිකාරී ඩී.ආර් ජයලත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.