එම දුම්රිය සේවාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට - අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වාත්, අනුරාධපුරය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක වේ.
මහා බෝ සෑ අටමස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවයට ගමන් ගන්නා බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය මැදිරි 10කින් සමන්විතය.
මෙම විශේෂ දුම්රියන් 2016.04.03 දින යෙදවීමට කටයුතු කරන අතර, ආපසු ගමන සඳහා ද අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා 2016.04.04 වෙනි දින විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. එම දුම්රියන් දිනපතා ධාවනය වන සාමාන්‍ය දුම්රියන්ට බලපෑමක් නොවන සේ පහත සඳහන් පරිදි ධාවන වේලාවන් සකස්කර ඇත.
ඒ අනුව යාම සඳහා පෙ.ව. 04.10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට දුම්රිය අනුරාධපුරයට ළගා වන විට පෙ.ව. 08.45 වේ.
එසේම ආපසු ඒම සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 11.15 පිටත් වන දුම්රිය ප.ව. 04.40 කොළඹ කොටුවට ළගාවීම වීමට නියමිතය.
මෙම විශේෂ දුම්රියන් ඉහළ පහළ ධාවනය කරවීමේදී රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරීගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව, ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුර නව නගරය යන ස්ථානවල නතර කෙරේ.
එසේම දිනපතා ධාවනය වන දුම්රියන්වල ධාවන වේලාවන් පහතින් දක්වා ඇත.
යාම සඳහා | ඒම සඳහා | ||
කොළඹ කොටුව පිටත් වීම | අනුරාධපුර ළගාවීම | අනුරාධපුර පිටත්වීම | කොළඹ කොටුව ළගාවීම |
පෙ.ව. 05.45 | පෙ.ව. 09.10 (නගරාන්තර) | පෙ.ව. 01.10 | පෙ.ව. 06.00 (රාත්‍රී තැපැල්) |
පෙ.ව. 06.35 | පෙ.ව. 10.40 (සීඝ්‍රගාමී) | පෙ.ව. 05.00 | පෙ.ව. 10.20 (සීඝ්‍රගාමී) |
පෙ.ව. 08.50 | ප.ව. 02.06 (මන්දගාමී) | පෙ.ව. 06.40 | පෙ.ව. 10.36 (නගරාන්තර) |
පෙ.ව. 11.50 | ප.ව. 03.30 (නගරාන්තර) | පෙ.ව. 09.15 | ප.ව. 01.05 (නගරාන්තර) |
ප.ව. 01.45 | ප.ව. 06.46 (සීඝ්‍රගාමී) | පෙ.ව. 10.50 | ප.ව. 04.05 (මන්දගාමී) |
ප.ව. 03.55 | ප.ව. 07.46 (නගරාන්තර) | ප.ව. 01.50 | ප.ව. 06.32 (සීඝ්‍රගාමී) |
ප.ව. 07.15 | පෙ.ව. 00.01 (රාත්‍රී තැපැල්) | ප.ව. 04.32 | ප.ව. 08.00 (නගරාන්තර) |
ප.ව. 08.30 | පෙ.ව. 00.48 (රාත්‍රී තැපැල්) | ප.ව. 11.10 | පෙ.ව. 04.05 (රාත්‍රී තැපැල්) |