අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන පක්ෂ දෙක එකතු වීමේ පැහැදිලි දර්ශනයක් තිබෙනවා - හිටපු ජනාධිපතිනි

    මාර්තු 16, 2016

    රටට ජාතික වශයෙන් වැදගත් වන ප්‍රධාන කටයුතු කිසිදු භේදයකින් තොරව සිදු කළ යුතු බවත් යුද්ධය අවසන් කළත් සාදාතනික සාමයක් අවශ්‍ය බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

    ජාතික සංහිඳියා කාර්යාංශයේ ඊයේ පැවති ජාතික සංහිඳියාව සඳහා මාධ්‍ය සමූහිකත්ය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  පැවසූවාය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මහත්මිය ජාතික සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය ලෙස කටයුතු කරන අතර මේ වන විට එම කාර්යාංශය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

     

    මේ වන විට ප්‍රධාන පක්ෂ දෙක එකතු පැහැදිලි දර්ශනයක් තුළ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එවැනි තත්ත්වයක් තුළ රටේ ස්වර්ණමය යුගයක් ඇති කළ හැකි බවත් හිටපු ජනාධිපතිවරිය පෙන්වා දුන්නාය.

     

    මෙහිදී ප්‍රධාන වශයෙන් ජාතික සංහිඳියාව ඇති කරමින් සිටින අතර ඒ සඳහා රජයේ ආයතන කිහිපයක් ම සම්බන්ධ වෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන බවත් යුද ජයග්‍රහණය ලබා ගත්ත ද සාමය ලබා ගැනීමට නොහැකි වූ බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

     

    සාදාතනික සාමය ගොඩගැනීම සඳහා බොහෝ දේ සිදු කිරීමට තිබෙන බව ද කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya