අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට ඉන්දීය ජාතිකයින් බදවා ගන්නේ නෑ- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 16, 2016

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා ඉන්දීය ජාතිකයින් බදවා නොගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (15)පෙරවරුවේ පැවැති මාධ්‍ය සම්මන්ත‍්‍රණයකට සහභාගි වෙමින් මෙම අදහස් දක්වන ලදි.

     

    එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ, ඉන්දීය ජාතිකයින් බඳවා ගන්නා බවට නැගෙන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

     

    ශ‍්‍රී ලාංකික සේවකයින් විශිෂ්ඨ අයුරින් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගමනය සඳහා අඛණ්ඩව දායකත්වය දක්වන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කර සිටියේය.

     

    කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් සැත්කම් ඒකකයේ මතුව ඇති ගැටළු විසදීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පියවර රැසක් ගෙන තිබෙනවා.

     

    එම සැත්කම් සිදුකරන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් සදහා ඇත්තේ එක් ශල්‍යාගාරයක් පමණයි. ඊට පිළියමක් ලෙස ශල්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීමට මුදල් වෙන්කර ඇත. උරස් ශල්‍යකර්මවලට භාජනය කරන විෂබීජ ඇති රෝගීන්ගේ ශල්‍යකර්ම වැලිසර ළය රෝහලේ දී සිදු කිරීමට ද තීරණය කර ඇත.

    එම රෝහලේ සංවර්ධනය කරන අතර, උරස් ශල්‍ය වෛද්‍යවරුන් 04 ක් එම රෝහලට ඇතුළත් කර ඇත. තවද ජාතික රෝහලේ, පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ සහ පොළොන්නරුව මහ රෝහලේ සිදු කරන හෘද සැත්කම් සංඛ්‍යාව ද වැඩි කර ඇත. හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛණය අවම කිරීම සඳහා ද මෙය උපකාරි වන බව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya