නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුර සහ නැඟෙනහිර ප්‍රදේශ සංවර්ධනයට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි

    මාර්තු 16, 2016

    උතුර සහ නැඟෙනහිර ප්‍රදේශ සංවර්ධනයට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.


    උතුර සහ නැගෙනහිර ඇතුලු රටේ සංවර්ධනය වෙනුවෙන් මේ වසරේදී ආධාර සමුළුවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එහි මුලිකත්වය ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගේ ජපන් සංචාරයේදී ජපන් රජයෙන් ඉල්ලීමක් කළා.

     

    ජපානය මේවන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භකර තිබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ හොඳ  මිතුරෙක් වගේම හොඳ ශක්තියක්ල චීනය  ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවන්න කටයුතු කරයි කියන දැඩි විශ්වාසය  ශ්‍රී ලංකා රජයට තිබෙන බවද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.


    චීනයේ (Xinhua)පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya