මෙම ශ්‍රම වාසනා සතිය ආරම්භ කරමින් පසුගියදා (14 ) සියළුම මාධ්‍ය නිලධාරීන් වෙනුවෙන් අක්ෂි සායනයක් හා ශ්‍රම වාසනා සතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රම වාසනා අරමුදලෙන් සිදු කරනු ලබන නීති ආධාර වැඩ සටහන් පිළිබඳව කම්කරු ජනතාව දැනුවත් කිරීම අද සිදු කරන අතර රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් හා කම්කරු නිලධාරීන්ගේ විශේෂ හමුවක්ද පැවැත්වේ.
කම්කරු අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව මෙකෙත් නීති ආධාර ලෙස ලබාදුන් මුදල් ප්‍රමාණය වු රැපියල් 10,000 ක මුදල රුපියල් 20,000 දක්වා වැඩි කිරීමත් මෙය බොහෝ සේවක පිරිස් සදහා ලබා දීමේ අරමුනින් පැවැති සීමාවන් ලිහිල් කිරීමත් සිදු කරන ලදී.
AP