අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒ. ජගත් ඩී ඩයස් මහතා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

    මාර්තු 15, 2016

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඒ. ජගත් ඩී ඩයස් මහතා පසුගියදා සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබීමට පෙර ඔහු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයකු ලෙස සේවය කළේ ය.

     

    කොළොන්නාව ටෙරන්ස් ඇන් ද සිල්වා මහා විද්‍යාලයෙන් හා වැල්ලම්පිටිය සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව විශේෂ උපාධිය හිමිකරගත් ජගත් ඩයස් මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණක පරීක්ෂක ලෙස 1987 වසරේ දී රාජ්‍ය සේවය ආරම්භ කළේ ය.

     

    බස්නාහිර පළාතේ පළාත් පාලන සහකාර කොමසාරිස් හා නියෝජ්‍ය කොමසාරිස්, බස්නාහිර පළාත් නිවාස කොමසාරිස්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ සහ  අධ්‍යක්ෂ , සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  ආදී ධූරයන් හෙබවූ ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

     

    වසර 2014 දී  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ ද රාජකාරී කර ඇති  ඔහු විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් සැපයීම උදෙසා ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙහෙයවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya