වර්ෂ 2018 වන විට රට දේශීය දියර කිරි නිෂ්පාදනයෙන් ස්වංපෝෂිත කරවීම පිළිබඳ දේශීය කිරි සැකසුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දින අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මේ සඳහා අමාත්‍යංශය ගෙන ඇති පියවර පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, වර්තමානය වන විට ලංකාවේ සත්ව පාලන ක්ෂේත්‍රය තුල කිරි ගව ගොවිපල 295,000 පමණද, මී ගව ගොවිපල 28,000 පමණද තිබෙන බව අප ලබා ගත් දත්ත මගින් තහවුරු වෙනවා. ඉන් කිරි කර්මාන්තයට සක්‍රීයව දායක වන එළගව හා මී ගව ගොවිපල මගින් 2015 වසරේ කිරි ලීටර් මිලියන 374 ක් නිෂ්පාදනය කර තිබෙනවා. හැබැයි මෙය දේශිය කිරි පාරිභෝජන අවශ්‍යතාවයෙන් 41% ක් පමණ වෙනවා. හැබැයි රටේ අවශ්‍යතාවය වාර්ෂිකව ලීටර් මිලියන 750. කි.
මෙය ගණනය කර තිබෙන්නේ දිනකට මිලිලීටර් 100ක් එක් පුද්ගලයකුට අවශ්‍ය පදනමේ සිටයි. මේ පදනමේ ඉඳල මෙම වැඩසටහන සියළු පළාත් එක්ක ඉදිරියට ගියත් 2018 වන විට අපිට කිරි ලීටර් මිලියන 550 -560 ක් පමණ තමයි නිෂ්පාදනය කර ගන්න පුළුවන් වෙන්නේ නමුත් රජය අපිට දී තිබෙන ඉලක්කය සපුරා ගන්න නම් තවත් කිරි ලීටර් 200 ක් පමණ අවශ්‍ය වෙනව.මෙන්න මේ අඩුව සපුරා ගන්න තමයි අපි වේගවත් නව වැඩ සටහනක් ආරම්භ කරන්න තීරණය කලේ.දැනට අපිට ලැබෙන කිරි ලීටර් 374 න්, 85% ක් පමණ කිරි ලබා දෙන්නේ දෙනුන් පහක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සිටින සුළු පරිමාණ ගොවීන්ගෙන්.
මේක තමයි අපේ වේගවත් නව වැඩ සටහනේ පදනම ලෙස යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ.විශාල ප්‍රමාණයක් ඉන්න සුළු පරිමාණ කිරි ගොවීන් ශක්තිමත් කිරීම තුලින් ඔවුන්ගෙන් උපරිම කිරි ප්‍රමාණයක් ලබා ගන්න වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමයි අපගේ අරමුණ වෙන්නේ. ඩේලි කප් කියන වැඩ සටහන මගින් එක ගමකට එක් වානිජ ගොවි පලක් ඇති කර, එම වානිජ ගොවි පල වටා ඒකරාශි වනලෙස සුළු පරිමාණ කිරි නිෂ්පාදන ගොවි මහතුන්ගේ කණ්ඩායම් ලෙස හදාගන්නවා. අපි ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන පොකුරු ගම්මාන සංකල්පය ද මෙයට යොදා ගන්නවා. එහිදි එම ගොවි මහතුන්ගෙන් එකතු වෙන කිරි ටික ශිත කිරිමේ මධ්‍යස්ථානයට රැගෙන ඒම සිදු කරනවා. මෙම කිරි ශිත කිරිමේ මධ්‍යස්ථාන ඇති කිරීමට අප රජය මගින් මුදල් ආයෝජනය කරනවා යයිද පැවසීය.
මෙහිදී සුළු පරිමාණ ගොවියා හා වාණිජ මට්ටමේ ගොවිපල අතර අනෝන්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා අපගේ නිළධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එහිදී දැනට එක් වැස්සියෙකුගෙන් ලීටර් දෙකක් තුනක් අතර ගත්ත කිරි ප්‍රමාණය ලීටර් පහට හෝ ඊට වැඩි කරගැනීම සදහා වු අවශ්‍ය යෙදවුම් යොදනවා. මෙහිදී දෙනට අවශ්‍ය පෝෂ්‍ය ආහාර ටිකද, අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබා දීම හා නව තාක්ෂණය ලබා දීම වැනි ක්‍රියාකාරකම් පිළිබදව ගොවියා දැනුවත් කිරීම හා ඊට ආධාර උපකාර ලබා දීම මෙම නිලධාරීන් හරහා සිදු කරනවා.
වර්තමානය ගත් විට ලංකාවේ කිරි සැකසුම් මධ්‍යස්ථාන එන්න එන්නම වැඩි වෙන ප්‍රවණතාවයක් අපිට පෙනෙනවා. නමුත් ඊට සමගාමී වන ලෙස කිරි නිෂ්පාදනය වැඩි වී නැති බවයි අපිට හැගෙන්නේ.ඒ නිසා අනාගතයේ දී මෙම සැකසුම් මධ්‍යස්ථාන වලට විශාල ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා ගොවියා කිරි නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැම්මේ නැත්නම්, ඒ නිසා මේ කුඩා කිරි නිෂ්පාදකයන් සවිමත් කරන්න තමයි අපි මේ විධියට ගොවියන්ගේ කුඩා කණ්ඩායම් හදලා ඔවුන්ව ශක්තිමත් කරන්න තීරණය කලේ.
මේ වසරේ අය-වැයේ සංවර්ධන වැඩසටහනෙන් අපට කියලා තියෙනවා සංවර්ධන කලාප පිහිටුවන්න කියලා. ඒ නිසා ඒ සංවර්ධන කලාප වලට ගැලපෙන විධියට තමයි අපි මේ කිරි ගොවි කණ්ඩායම් බිහි කරන්න ඕන.ඒ ගොවියන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න අපිට මොනවාද කරන්න පුළුවන්? ඒකට විසදුම ලෙස ගොවියන්ට තියෙන මුල්‍යමය ප්‍රශ්න, නැත්නම් තාක්ෂණික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.දිනපතා මේ විධියට අපි වැඩසටහන ක්‍රියාත්මක කරන විට කිරි එකතු කරගන්න රජයේ මැදිහත් වීමක් තියෙන්න ඕන.මේ සඳහා ගමක කිරි ගොවියන් 100ක් ඉන්නවා නම් ඒ 100 ගේ නිෂ්පාදන මිලදී ගන්න කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් රජයෙන් හදන්න ඕන.ඊට පස්සේ කිරි නිෂ්පාදකයන් මේ කිරි ටික සැකසුම් මධ්‍යස්ථානයට අරගෙන යන්න ඕන.
ගමක කිරි ගොවියන් 100ක් ඉන්නවා නම් ඒ 100 ගේ නිෂ්පාදන මිලදී ගන්න
90,000 ක් පමණ බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපේ පැත්තෙන් තිබෙන සම්පත් ප්‍රමාණය මදි නම් ඒ සඳහා අවශ්‍ය සම්පත් හා නිලධාරීන් ප්‍රමාණය වැඩි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.මේ විධියට මෙම වැඩසටහනට කිසිම බාහිර බලපෑමක් නැතිව ඉදිරියට සාර්ථකව යාමට හැකි නම් රජය අප වෙත ලබා දී ඇති ඉලක්කය සපුරා ගන්න හැකි වේවී.
. මෙම සාකච්ඡාවට පැමිණ සිටි කිරි සැකසුම් ව්‍යවසායකයින්ට මේ පිළිබඳව විවිධ උපදෙස් හා අදහස් ලබා දෙන ලද අතර ඉදිරියේදී තවත් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා හමුවීමේ වැඩසටහනක් ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් රේනුකා ඒකනායක, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය සිරිල් මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වුහ.
AP