අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවෙන් ශ්‍රී ලංකිකයන්ට ලබාදෙන රැකියා අවස්ථා වැඩි කරයි

    මාර්තු 12, 2016

    කොරියාවෙන් වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකිකයින්ට ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍ර‍තිචාර කොරියා රජයෙන් ලැබි ඇති බව විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ දිනවල දකුණු කොරියාවේ නිළ සංචාරයක නිරත වන අතර ඊයේ (11)  දිනයේ එරට රැකියා හා කම්කරු අමාත්‍ය Lee Ki –Kweon මහතා හමුවිය.

    එහිදී ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලාංකික ශ‍්‍රමිකයින්ට ලබා දෙන ලෙස අමාත්‍යවරිය මෙහිදී කොරියානු රජයෙන් ඉල්ලා සිටියාය.

    එසේම කොරියානු රැකියා නිසා වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලංකාවට ලැබෙන බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

    එහිදී එරට රැකියා හා කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම් පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවත් එරට සේවයේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ඉතා හොඳින් රැකියාවල නිරත වන බවයි. ඒ පිළිබඳව තම රජය ඉතා සතුටුවන බවද ඔහු පැවසීය.

    දැනට ශ‍්‍රී ලාංකිකයින් 28,000 පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර 2014 වසරට සාපේක්‍ෂව 2015 වසරේ කොරියාවේ රැකියා සඳහා පිටත්වන ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණය 14%න් ඉහළ ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya