අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සී ස්වාමීන් වහන්සේ පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

    මාර්තු 13, 2016

    අපවත්වී වදාළ   ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සී ස්වාමීන් වහන්සේ පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (13) සිදු කිරීමට නියමිතය.

    අදාහන පූජෝත්සවය පූර්ණ රජ්‍ය ගෞරව සහිතව මහනුවර අස්ගිරි  පොලිස් ක්‍රීඩාංගනයේ දී පවැත්වේ. අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සී ස්වාමීන් වහන්සේගේ අපවත්වීම හේතුවෙන් රජය අද  ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ.


    1922 දී  මාතලේ ගලගම  ග්‍රාමයේ උපත ලබා  යටවත්ත  වීරපරාක්‍රම මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා  1936 දී  උරුලෑවත්ත  පුරාණ විහාරයේදී  පැවිදි බිමට පත්විය.    ගලගම  ධම්මදස්සි හිමිපාණන්   මාතලේ  ධර්මරාජ මහ පිරිවෙනින් පාලි, සංස්කෘත   දෙමළ ආදි භාෂා ශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කොට  ප්‍රාචින, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන පරික්ෂණ  සියල්ල උසස් ලෙස සමත්ව, විද්‍යෝදය පිරිවෙණින් ත්‍රිපිටක  ධර්ම පරික්ෂණය ඉහළින් සමත්ව සද්ධර්මාචාර්ය උපාධිය හා  ත්‍රිපිටකාචාර්ය උපාධිය ලබාගත්හ. 

     

    1942 මැයි මාසයේ වෙසක් ‍පොහොය දිනයේ අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලැබු උන්වහන්සේ  1999 දෙසැම්බර් මස 13 දින  අති පුජ්‍ය අනුනායක   පදවියට පත්විය.  අතිගෞරවාර්හ අස්ගිරි මහා විහාරයේ පාර්ශ‍වයේ  ගලගම ශ්‍රි අත්තදස්සි අනුනායක මාහිමිපාණන් වහන්සේ  2015 මැයි මස අටවෙනි දින අති ගෞරවාර්හ මහනායක පදවියට පත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya