අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟය වැළැක්වීමට ඖෂධ ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචන කමිටුවක්

    මාර්තු 13, 2016

    දිවයින පුරා පිහිටි ඖෂධ ගබඩා සහ රෝහල් වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සදහා ඖෂධ ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචන කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



    සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම කමිටුව ක‍්‍රියාත්මක ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඊට ඇතුළත් වෙයි.

     

    ඖෂධ හිඟයක් ඇත්නම් එය වැළෑක්වීම, ටෙන්ඩර් ගැටළු නිරාකරණය කිරීම, ඖෂධ බෙදාහැරීම විධිමත් කිරීම යන කරුණූ කෙරෙහි මෙම කමිටුව විශේෂ අවධානය යොමු කරනු ලබයි.ඉදිරි මාස 03 ක කාලයක් සදහා අවශ්‍ය ඖෂධ තොග රැස්කර තබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.

     

    ඖෂධවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා නව රසායානාගාරයක් ඉදිකිරීමට ද නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමක් මත චීනය විසින් එම රසායානාගාරය ඉදිකරනු ලබයි.

     

    වසරකට ප‍්‍රමිතියෙන් බාල ඖෂධ රැුසක් විනාශ කරන බැවින් එම තත්ත්වය අවම කර ගැනීම සඳහා රසායනාගාරය ඉදිකිරීමට නියමිතය. ප‍්‍රමිතියෙන් බාල ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇත්නම් අලාභය අදාල සැපයුම්කරුගෙන් අයකර ගන්නා ලෙස අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පසුගියදා පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන  ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya