අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2025 දී සැමට සෙවණ ලබාදීම වත්මන් යහපාලන රජයේ ප්‍රධාන අරමුණයි

    මාර්තු 13, 2016

    වසර 2025 දී සැමට සෙවණ ලබාදීම වත්මන් යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් වී තිබෙන බව  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.


    තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී  පවුල් 640ක් සඳහා රුපියල් ලක්ෂ 320 ක් වටිනා “ සැමට සෙවණ” නිවාස මුල්‍යාධාර ප්‍රදානය කිරීම වෙනුවෙන් අම්බලන්තොට, නෝනාගම මංසන්දියේ පසුගියදා පැවැති උත්සවයේදී  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ අඳහස් ප්‍රකාශ කළේ ය.


    මාලිගාවත්ත ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකර ඒ බිමේ දැවැන්ත මහල් නිවාස යෝජනා ක්‍රමයක් නිර්මාණය කිරීමට දිවංගත රණසිංහ ප්‍රේමදාස, මාගේ පියාණන් කටයුතු කළා.

     

    ඒ ලබාගත් පන්නරයෙන් මේ රටේ ජනතාවට නිවාස සංවර්ධනයේ ප්‍රතිලාභ ප්‍රායෝගිකවම අත්විඳීමට හැකි නිවාස සංවර්ධන මෙහෙයුමක් එතුමා එදා දියත් කළා. උදා ගම්මාන, උදාකළ ගම්මාන, අත්කම් නිවාස, මැතිවරණ නිවාස, ආදර්ශ ගම්මාන, නිවාස ආධාර, විසිරි නිවාස ණය යනාදි වැඩසටහන් මගින් රටේ ජනතාවගේ දැවෙන නිවාස ප්‍රශ්න වලට ප්‍රායෝගික විසදුම් ලබාදීමට එදා කටයුතු කළා.

     

    ඒතුමාණන්ගේ ඉලක්කය වුණේ වසර 2000 දී සැමට සෙවණ ලබාදීමයි. නමුත් එතුමාගේ හදිසි වියෝව හේතුවෙන් ඒ උදාරතර සංකල්පය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා. එකි සංකල්පය යළි ක්‍රියාත්මක කරමින් වසර 2025 දී සැමට සෙවණ ලබාදීම වත්මන් යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

     

    නාගරික ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළමු පියවර යටතේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නාගරික මහල් නිවාස වැඩපිළිවෙලක් අප ආරම්භ කරනවා.

     

    ඉන් පසුව රටේ අනෙකුත් නාගරික ප්‍රදේශවල ජීවත්වන නිවාස ප්‍රශ්නවලින් පෙළෙන ප්‍රජාව ඉලක්ක කරගනිමින් නාගරික මහල් නිවාස සංකීර්ණයන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.


    එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ නිවාස ප්‍රශ්නය ඉලක්ක කරගනිමින් කපරාරු නිවාස වැඩසටහන්, උදා ගම්මාන, උදාකළ ගම්මාන ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.

     

    එමෙන්ම මේ වසර තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ උදා ගම්මාන 200ක් සහ පෞද්ගලික දානපති පරිත්‍යාගයන් යටතේ තවත් උදා ගම්මාන 200ක් ද ඉදි කොට ග්‍රාමීය ප්‍රජාවගේද දැවෙන නිවාස ප්‍රශ්නයට තිරසර විසදුම් ලබාදෙමින් විප්ලවීය නිවාස සංවර්ධන මෙහෙයුමක් එදා රණසිංහ ප්‍රේමදාස යුගයේ මෙන් දියත් කිරීම අපගේ අරමුණයි.

     

    ඒ වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සක්‍රීය දායකත්වය ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya