අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ධන සවිය" ජාතික ආර්ථීක සංවර්ධන වැඩසටහනට ලියාපදිංචිය ඇරඹේ

    මාර්තු 13, 2016

    "ධන සවිය" ආර්ථීක සංවර්ධන වැඩසටහන  මාර්තු (08)දිනට  පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරිණි.

    මෙම වැඩසටහන යටතේ කාන්තාවන් දස ලක්ෂයක් තෝරාගෙන, ඒ සෑම කෙනෙකුගේ ම ආදායම රුපියල් ලක්ෂයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

     

    තෝරා ගත් අක්කර 1/4ක භූමි භාගයක් තුළ අපනයන කෘෂි බෝග හා ඔසු පැළ වගා  කර, ඒවා අපනයන මට්ටමට අගය එකතු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

     

    තෝරා ගත් ඉඩම, අදාල බෝග වගාව සඳහා සූදානම් කිරීමට අවශ්‍ය පුහුණුව හා දැනුම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  ලබා දෙනු ලැබේ.ඉන්පසු අපනයන කෘෂි බෝග පැළ බෙදා දීම සිදු කෙරේ.

     

    මීට අදාලව අපනයන කෘෂි බෝග පැළ ලබා ගැනීමේ හිමිකම් පත්‍ර සංඛේතාත්මකව ප්‍රදානය කිරීමජනාධිපතිතුමා අතින් සිදු කරනු ලැබීය.

     

    මෙම වැඩසටහන මඟින් ලබා ගන්නා නිෂ්පාදන සඳහා අවශ්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථාව ලබා දීමට ද  ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

     

    එසේම, නිසි අගය ධාමයක් යටතේ අගය එකතු කිරීමට අවශ්‍ය වැඩපිළිවලක් ද ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

     

    මේ අතර, "ධන සවිය" ජාතික ආර්ථීක සංවර්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි කර  ගැනීම් මේ වන විට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

     

    මීට අදාල උපදෙස් හා වෙනත් තාක්ෂණික සහායන් ලබා දීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ 011-2-878-678 යන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya