අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ වසරක අඩු වයස් ගර්භනී මව්වරු 24,000ක්

    මාර්තු 12, 2016

    සෑම වසරකම කාන්තාවන් ලක්ෂ 04 ක් ගර්භනීභාවයට පත්වන බවත් එම මාතාවන්ගෙන් 140 ක් සෑම වර්ෂයකම දරු ප‍්‍රසුතියේ දී මියයන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.

    කාන්තාවන් මානසික පීඩාවන්ට ලක්වීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගියදා “හිංසනය හා කාන්තා මානසික සෞඛ්‍ය” යන මැයෙන් පැවති මාධ්‍ය හමුවක දී ෙමි බව ප‍්‍රකාශ කරන ලදි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරන ලද කරුණු අනුව මිලියන 20 ක් පමණ වූ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් සියයට 27 ක් ප‍්‍රජනක වයසේ පසු වේ.  සෑම වසරකම කාන්තාවන් ලක්ෂ 04 ක් ගර්භනීභාවයට පත්වෙයි. එම ගර්භනී මාතාවන්ගෙන් වසරකට උපදින ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 80,000 ක් වෙයි. ගර්භනී මාතාවන්ගෙන් 140 ක් සෑම වර්ෂයකම දරු ප‍්‍රසුතියේ දී මියයන අතර, ගබිසා කිරීම් හේතුවෙන් මියයන කාන්තාවන්ගේ සංඛ්‍යාව 10 ක් පමණ වෙයි. සෑම වසරකම අඩු වයස් ගර්භනී මව්වරුන් 24,000 ක් හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 15-24 අතර වූ යෞවනයන්ගෙන් සියයට 06 ක් සියදිවි හානිකර ගැනීමේ අදහස් පහළ වී ඇති බව සොයාගෙන ඇත. කාන්තාවන්ගේ දුප්පත්කම, මන්දපෝෂණය, ගෘහස්ත ගැටලු සහ හිංසනය, අධික වෙහෙස, ශරීර වෙනස්කම් හේතුවෙන් කාන්තාවන් දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව ඇති බව එහිදී අනාවරණය වී ඇත.

    ශ‍්‍රී ලංකාවේ වසරකට ගබ්සා කිරීම් 15,000 ක් පමණ සිදු වෙයි. විවිධ හේතු මත ගර්භනී මවිවරුන් අතර සියදිවි හානිකර ගැනීම ද වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනාවරණය කරයි. 2013 වර්ෂයේ දී ගර්භනී මවිවරුන් 50 ක් සියදිවි හානිකරගෙන ඇත.

    මානසික සෞඛ්‍ය පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මකයි. ඒ සදහා දිවයිනේ රෝහල් 22 ක “මිතුරු පියස” නමින් සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. එමගින් හිංසනයට ලක් වූ කාන්තාවන්ට අවශ්‍ය සේවාවන් ලබාගත හැක.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya