විශාකා විද්‍යාලයේ පැවති 2016 වසරේ විශාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දිවුරුම්දීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.
වර්තමානයේ පළාත් පාලන ආයතනවලට සියයට 25ක් කාන්තා නියෝජනය ඇති කිරීමට පනත් පවා සම්මත කර ගැනීමට අවස්ථාව ලැබුණු බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ඇති කිරීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසල් තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු ඇති කිරීමට පියවර ගැනීමත් සමඟ රට පුරා පාසල් අතර ශිෂ්‍ය පාර්ලිමේන්තු බිහි වූ බවයි.
කොළඹ විශාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2016 වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියක්, කතානායකවරියක් සහ මන්ත්‍රීවරියන් 10ක් තෝරා ගැනීම රහස් ඡන්දයක් මගින් සිදු විය. එහි පසුගිය වසරේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ සිසුවියන් වෙත සහතික ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදුවිය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් ශිෂ්‍යයන්ට පාසල් කාලය තුලදී ජීවිතයට විශාල අත්දැකීම් එක් වන බවත් නායකත්ව ගුණාංග ප්‍රගුණ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
“අනුන්ගේ මතයට කිරීමට පුරුදුවෙනවා සාමූහික වගකීම් දැරීමට පුරුදුවෙනවා. සංවිධාන ශක්තිය වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් පාසල තුළ විවිධ ව්‍යාපෘති තමන් විසින්ම ක්‍රියාත්මක කිරීම හරහා පාසල් වියේදීම නිසි මූල්‍ය කළමණාකරනයක් කිරීමේ වගකීම හිමිවෙනවා. අපේ රටේ ශිෂ්‍ය පාර්ලිමේන්තු අතර විශාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉතාම ඉහළ ස්ථානයක පවතිනවා. “
මෙම උත්සව අවස්ථාව සඳ හා පාසල් සිසුවියන්, ගුරු මණ්ඩලය සහ පාසලේ දෙමාපියන් හා ආදි සිසුවියන් රැසක් එක්ව සිටියහ.