මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් - තායි ආයෝජකයින්

    මාර්තු 11, 2016

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් දැඩි කැමැත්තක් දක්වන බව, තායිලන්ත උප අග්‍රාමාත්‍ය සොම්කිද් ජටුස්‍රිපිටැක් මහතා සමඟ මෙරට සංචාරයේ නියුතු තායිලන්ත ආයෝජකයෝ සඳහන් කරති.

    තායිලන්ත උප අගමැතිවරයා සහ අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (10) කොළඹ දී සංවිධාන කර තිබූ දෙරට අතර ව්‍යාපාරිකයින් අතර හමුවක දී ඔවුහු මේ බව කියා සිටියහ.

    එම සමුළුවේ දී දෙරටේ ව්‍යාපාරිකයින් හා ආයෝජකයින්ට, හමුවී ඔවුනොවුන්ගේ නිෂ්පාදන, ආයෝජන, වෙළඳ හා ප්‍රවර්ධන සම්බන්ධයෙන් අදහස් හා යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමේ අවස්ථාව ද උදා වී තිබිණි.

    මෙම අවස්ථාවට දෙරටේ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    මේ අතර, සංචාරයේ නියුතු තායිලන්ත උප අගමැතිවරයා, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සූජීව සේනසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපාරික සංසදයක් ද සංවිධාන කර තිබිණි.

    මෙහිදී අසහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ, තායිලන්ත ව්‍යවසායකයින් හා ආයෝජකයින් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට හවුල් වීමට දක්වන කැමැත්ත ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට හා ශ්‍රී ලාංකිකයින්ට මහඟු අවස්ථාවක් සේ සැලකිය හැකි බවයි.

    කෘෂිකර්මාන්තය, වන වගා, කාර්මික හා තාක්ෂණ යන අංශයන් සම්බන්ධයෙන් මෙහිදී දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වීය.

    මෙහිදී අදහස් දැක්වූ තායිලන්ත ව්‍යාපාරිකයින් කියා සිටියේ, මෙරට දේශගුණික තත්ත්වය, නිදහස් හා සාමකාමී පරිසරය මෙන්ම ස්වභාවික සම්පත් හා මානව සම්පත් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී තායිලන්තය හා ශ්‍රී ලංකාව යම් සමානකම් දැක්වීම හේතුවෙන් තායිලන්තයේ දි ලබා ගත් අත්දැකීම් ආශ්‍රයෙන් මෙරට ආයෝජන කිරීම අපහසු නොවනු ඇති බවයි.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ  අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya