නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජාත්‍යන්තරය දිනා ගැනීමෙන් විදෙස් ගැටලුවලට පිළිතුරු දුන්නා

    මාර්තු 11, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තරය දිනා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණු දීමට තිබූ බොහෝ ගැටලුවලින් පිළිතුරු ලබා දීමට හැකි වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ජාතියට වග කියන කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබෙන අතර දේශාපාලන වාසි වෙනුවෙන් එම වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කරන පිරිසක් සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

    බස්නාහිර පළාත් ඇතුළුව පළාත් කිහිපයකම මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබෙන අතර තවදුරටත් රසායනික පොහොර භාවිත කළ  යුතු නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    නොමිලේ පොහොර ලබා දීමේ වැඩසටහනට වෙනුවට රුපියල් 350ට පොහොර ලබා දෙන ලෙස උද්ඝෝෂණ කිරීම ඇතැම් පිරිස් යොමු වී තිබෙන්නේ සුළු පිරිසකගේ දේශපාලන වාසි වෙනුවෙන් බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා වස විසෙන් තොර ආහාර ප්‍රතිපත්තිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ හඳුන්වා දී තිබෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

     

    බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න, සබරගමුව පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එකව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya