ඉන්දියාව අති විශාල ජනගහනයක් සහිත රටක් බැවින් ඔවුන්ගේ රැකියා වියුක්තිය ශ්‍රී ලංකාවෙන් පිරිමසා ගනිතැයි අනියම් බියක් ඇතිකර නොගත යුතු බවත් පවසන ඇමැතිවරයා එට්කා ගිවිසුමට විරුද්ධව පවසන කථා දේශපාලන සටන් පාඨ පමනක් බවත් පවසයි.
ආබාධ සහිතවුවන් සඳහා වෙන්කර ඇති 3% ක් වූ රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා වලට එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන් පැමිණේවිදැයි ඇමතිවරයාගෙන් විමසූවිට දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේය.
“එට්කා ගිවිසුම ගැන එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඔහොම හිතන්න එපා .මේවා දේශපාලන කථා.දේශපාලන සටන් පාඨ.එට්කා ගිවිසුම ගැන අපි ඉන්දියානුවන් එක්ක ඉතා ධනාත්මකව සාකච්ඡා කරමින් ඉන්නවා.
ඉන්දියාව කියන්නේ මහ විශාල රටක් .අපි පුංචි දූපතක් . මේ ගිවිසුම උපායශීලිව ප්‍රවේශමෙන් හදාගත්තොත් අපිට විශාල වෙළඳ පොළක් විවෘත වෙනවා.ඉන්දියාවට මේක මහ ලොකු වෙළඳ පොළක් නෙවෙයි.ඒ හින්දා ඕක මහ ලොකුවට ගණන් ගත යුතු නැහැ.
ඉන්දියාවේ 15% කට පමන රස්සා නැහැ.හැමෝටම මෙහේ තියෙන රස්සා දුන්නොත් 0.2% ක් වත් ඉන්දියාවේ රස්සා ප්‍රශ්නේ විසදන්න ලැබෙන්නේ නැහැ.
ලංකාවේ දොස්තරවරුන්ගේ රැකියා ඔක්කොම ඉන්දියාවට දුන්නත් ඉන්දියාවේ රස්සා ප්‍රශ්නේ 2%ක් වත් විසදගන්න ලැබෙන්නේ නැහැ. එච්චරට අපි පුංචියි. අපේ ජනගහනය මිලියන 20 යි, එහෙ මිලියන 1300 යි. අපි හිතමු ඉංදියාව ඇවිත් මෙහෙ සියළු දේ අරන් ගියා කියලා. ඒක තමිල්නාඩුවේ ගම්මාන 02 කට ඇති. තමිල්නාඩුවේ කෝටි 09 යි අපේ කෝටි 02 යි. ඉන්දියාව කාලයක් තිස්සේ අපිත් එක්ක අමනාපයෙන් හිටිය. ඇමරිකාවත් එක්ක අපිට විරුද්ධව යෝජනා ගෙනාව. අද ඉන්දියාව එතැන නෑ.“ යනුවෙන් මෙම ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.