මෙම නියෝජිත කණ්ඩායම චීනයට ගොස් තිබෙන්නේ සමස්ත චීන තරුණ ඒකාබද්ධ සංගමයේ ආරාධනාවකට අනුවය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සැළසුම් හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ මෙම කණ්ඩායම බෙයිජිං, ට්යැන්චින් සහ චෙංඩූ යන නගර තුනේ දින 5ක සංචාරයක් සිදු කරනු ඇතැයි චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය වාර්තා පවසයි.
සමස්ත චීන තරුණ ඒකාබද්ධ සංගමය ඊයේ (9) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ පැමිණීම සඳහා පිළි ගැනීමේ උළෙලක් පැවැත්විය. චීනයේ සංචාරයෙන් ලද අත්දැකීම් ඉතා මහඟු බව එම උළෙල අමතමින් නිරෝෂාන් පෙරේරා මහතා පැවසීය. චීනය වැනි රටවල්වලින් සංවර්ධන අත්දැකීම් අධ්‍යනය කොට ශ්‍රී ලංකාවේ අලංකාර අනාගතයට එය ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.
සමස්ත චීන තරුණ ඒකාබද්ධ සංගමය සහ ශ්‍රී ලංකා යෞවන කටයුතු අමාත්‍යාංශය අතර මිත්‍රශීලි අදහස් හුවමාරු සහ සහයෝගතා ගිවිසුම වසර 2013 අත්සන් තැබිණ. දෙරට තරුණ පරපුර අතර අදහස් හුවමාරුව පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ චීනයේ සංචාරය කිරීමේදී චීන නායකයන් සමඟ එළඹි එකඟතාවට අනුව මෙවර ශ්‍රී ලංකාවේ සීය ගණනක තරුණ නියෝජිත කණ්ඩායම චීනයේ සංචාරය සිදු කෙරේ.