ප්‍රතිපත්ති සැළසුම් හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ තරුණ නියෝජිත කණ්ඩායම අද (09) චීනයේ සංචාරයක නිරත වෙති. ඒ අතරතුර නිරෝෂන් පෙරේරා මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ජාවකට එක් ව මේ බව සඳහන් කළේය.
එතනදී විශේෂයෙන් ඉතා කෙටි කාලයක් තුළ චීනයේ සිදු වූ සීඝ්‍ර සංවර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර ඒ අනුව මෙම සංචාරයෙන් අපට ලැබෙන අත්දැකීම ඉතා වැදගත් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
"චීනයෙන් පාඩම් ඉගෙන ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. චීනය හා ශ්‍රී ලංකාව යහපත් මිත්‍ර සබඳතා ඇති දෙරටක්. ඈත අතීතයේ සිටම මෙම සබඳතා පැවතී තිබෙනවා. මෙම සංචාරයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සංයුතිය සෑම ජන කණ්ඩායමක්ම නියෝජනය වන පරිදි සකස් වී තියෙනවා. ශ්‍රී ලංකාවේ නව රජය සැකසී තිබෙන්නේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකේම එකතුවෙන්. එම සංයුතිය මෙම තරුණ කණ්ඩායමේත් දක්නට ලැබෙනවා. ඊට අමතරව විපක්ෂ නියෝජනය කරමින් තරුණ පිරිසක් එක්ව තිබෙනවා. විවිධ කලා හැකියා ඇති අයත් කණ්ඩායමේ සිටිනවා. ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ රටේ දේශපාලන වෙනස් කම් රැසක් සිදු කලා. දැන් අපේ අරමුණ ලෝකයේ අනෙක් රටවල් හා තරගකාරී රටක් නිර්මානය කිරීමයි. ඒ සඳහා අපට චීන අත්දැකීම් බෙහෙවින් උපකාර වෙනවා. තරුණයන් යනු අනාගතයයි. මේ අනුව තරුණයන්ට අනාගතයක් තැනීමට මෙම සංචාරය උපකාරී වෙනවා.අපේ අපේක්ෂාව චීනයේ අත්දැකීම් අධ්‍යයනය කිරීමයි එමෙන්ම අපේ අත්දැකීම් ඒ අය සමඟ බෙදා ගැනීමයි."