නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජය බහලුම් පර්යන්තය වාර්තාවක් තබයි

    මාර්තු 09, 2016

    මීටර් 300කට වඩා දිගින් යුත් විශාල පරිමාණයේ බහලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවා ඇති බව වරාය හා නාවික අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

    මින්පෙර ජය බහලුම් පර්යන්තයට විශාල නෞකා පැමිණිය ද එකම අවස්ථාවක විශාල නෞකා 03ක් එකවර පැමිණි පළමු අවස්ථාව මෙය  වේ.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළුම් පර්යන්තය මෙම වාර්තාව පිහිටු වූයේ අද අලුයමයි.

    MSC  Jovanna, Ever  Lenient  සහ MSC  Toronto  එම නෞකා වේ. මේ අතරින් මීටර් 337ක දිගියන් යුත් MSC  Jovanna නෞකාවෙහි සමස්ත බහලුම් ධාරිතාව 9178 ක් වේ.  

    Ever  Lenient නෞකාවේ දිග 335කි. එහි සමස්ත බහළුම් ධාරිතාව 8500ක්  විය.

    MSC  Toronto  නෞකාව මීටර් 325ක දිගින් යුක්ත අතර එහි සමස්ත බහළුම් ධාරිතාව 8089 ක් වේ.

     කොළඹ වරායේදී මෙම නෞකා ත්‍රිත්වය මේ වන විට මෙහෙයවූ බහළුම් ප්‍රමාණය 6188ක් ලෙස සටහන් වන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya