නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනපතිට කියන්න" වැඩ සටහනට පැමිණිලි 44,677 ක්

    මාර්තු 08, 2016
    ජනතාවගේ ප්‍රශ්න කෙලින්ම ජනපතිට යොමු කිරීම සදහා  ආරම්භ කරන ලද "ජනපතිට කියන්න" වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    ජනවාරි 08 වන දා ආරම්භ කරන ලද අතර එදා සිට අද දක්වා පැමිණිලි 44,677 ක් ලැබි අති බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්  ශිරාල් ලක්තිලක මහතා මෙහිදී අනාවරණය කරන ලදී.
    ජනතාවට වඩාත් සමීප රාජ්‍ය සේවයක් ,ජනතාවට වග කියන ප්‍රතිචාරාත්මක රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
    ඕනෑම දුරකථනයකින් 1919 අමතා මෙම සේවාව හා සම්බන්ධ විය හැකිය.නැතහොත් තැපැල් පෙට්ටිය 123 වෙත ලිපියක් යොමු කිරීමෙන් හා tell.president.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත විද්්‍යුත් තැපැල් පණිවුඩයක් යොමු කිරීමෙන් ද තම පැමිණිල්ල යොමු කළ හැකිය.
    2020 වන විට සෑම පුරවැසියෙකුටම රාජ්‍ය පරිපාලනය හරහා ඔවුන්ගේ ප්‍රශ්න ක්ෂණිකව විසදා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ලක්තිලක මහතා මෙහිදී පැවසීය.
    මෙම වැඩ සටහන යටතේ පැමිණිලි වැඩිම සං්‍යාවක් ලැබී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට බවත් ප්‍රහ්න ඉදිරිපත් කිරීම සඳහා  වෙනමම කවුලුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද  මෙහිදී අනාවරණය විය.
    AP
       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya