ඒ මහතා පෙන්වා දෙන්නේ සැමට ගෞරව කිරීමෙන් ජාතික සමගිය ඇති කළ හැකි බව දකුණු අප්‍රිකාව මුළු ලොවටම පෙන්වා දී ඇති බවයි. එම ආදර්ශය මත යමින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය ඇති කිරීම පහසුවෙන් කළ හැකිබවද අමාත්‍යවරයා පැවසීය.
“ජාතික සංහිදියාව සහ ව්‍යවස්ථා වෙනස” වැඩමුළුව සහ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර වරප්‍රසාද සමඟ බලය ලබා ගැනීමට ජාතිවාදය අවුස්සන පිරිසක් එදා වගේ ම අදත් සිටින බව ද පෙන්වා දුන්නේය.
රට ගැන හෝ රටේ දරුවන් ගැන නොසිතා එම පිරිස් කටයුතු කරන බවත් ජාතිවාදය අවුස්සන පිරිස් පිටු දැකිය යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.