නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේකයින්ට නිවාස ව්‍යාපෘතියක් ඇරඹේ

    මාර්තු 04, 2016

    රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිවන නිවාස 608කින් සමන්විත සුවිසල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු  කෙරෙණි.

    මහල් 21ක, නිවාස ඒකක 608කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණයේ වර්ග දෙකකින් නිවාස ඉදිකෙරේ. එනම් වර්ග අඩි 675කින් යුත් නිවාසයන්හි නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියක් ඇතුළත් වේ. එසේම වර්ග අඩි 850කින් යුත් නිවාසයන් හි නිදන කාමර තුනක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියකින් සමන්විත වන අතර, ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව, ලොව නවීන නගර අලංකරණය ද  සමගින් විධිමත් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය වේ. නිවාස සංකීර්ණය ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක‍්‍රීඩාංගණ, පිහිනුම් තටාක, ඇතුළු සුඛෝපභෝගී පරිසරයකට අවශ්‍ය සියලු පහසුකම් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. අක්කර 2 රූඞ් 3ක නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමි භාගයක ඉදිවන මෙම නිවාස සංකීර්ණය සඳහා රුපියල් කෝටි 500ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇත. වසර 3ක් ඇතුළත මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නියමිතය.

    බස්නාහිර පළාතේ උප නගර 23ක සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන බවත් බොරැල්ල ප්‍රදේශයේ සුවිශේෂි වෙනසක් ඉදිරි වසර 4 ඇතුළත සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ගුවනින් ගමන් කරන මහා මාරගයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව දැනට පෑලියගොඩ නව කැලණි පාලම දෙමටගොඩ හරහා මේ ප‍්‍රදේශ මැදින් රාජගිරිය දක්වා ඒ පාර ගමන් කරනු ලබන බවත්  රාජගිරියෙන් ඔබ්බටත් ඒ මාවත ඉදිකිරීමටත්  කඩුවෙල අධිවේගී මාර්ගයටත් කඩුවෙලින් කොලොන්නාව හරහා කැලණි විහාරයටත් සම්බන්ධ කිරීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    එසේම ඉදිරි අවුරුදු 04 ඇතුළේ ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් බවට කොට්ටාව දක්වා පරිවර්ථනය කිරීමට නියමිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලයේදී වැලිකඩ බන්ධනාගාරය තිබෙන ස්ථානයෙන් ඉවත් කරන බව සඳහන් කළේය.

    මධ්‍යම පාන්තික රජයේ නිවාස, ඒ වගේම වෘත්තීයවේදීන් සඳහා නිවාස යෝජනා ක‍්‍රම ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් විශේෂයෙන්ම කොළඹ නගරය තුළත්, කොළඹ නගරයෙන් පිටත රත්මලාන, ඒවගේම මහරගම, බණ්ඩාරගම, හෝමාගම, රාගම, කැලණිය මේ හැම ප‍්‍රදේශයකම අපි මධ්‍යම පාන්තික නිවාස මේ වසර තුළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya