අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු බද්ධ කිරීම සම්බන්ධව නව ප්‍රතිපත්ති හඳුන්වාදීම- මාධ්‍ය සම්මන්ත්‍රණය මාර්තු 08 දින

    මාර්තු 06, 2016

    වකුගඩු බද්ධ කිරීම සම්බන්ධව නව ප්‍රතිපත්ති හඳුන්වාදීම හා ලෝක වකුගඩු දිනය වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණය මාර්තු 08 දින කොළඹ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්වීමට නියමිතය.


    ලෝක වකුගඩු දිනය මාර්තු 08 දිනට යෙදී තිබේ.ජාතික රෝහලට අනුබද්ධිත ජාතික වෘක්තවේද කාන්දු පෙරණ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික ආයතනය හ ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සමඟ එක්ව සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.

     


    හදිසි අනතුරකින් හෝ ආපදාවකින් මොළය මරණයට පත් වූ රෝගීන්ගේ සක්‍රීය වකුගඩු,වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය පුද්ගලයන් වෙත ප්‍රදානය කිරීම අරමුණු කරගෙන වකුගඩු හා අනෙකුත් අවයව ප්‍රදානය කිරීම සඳහා තම අභිලාශය පළ කිරීමේ විශේෂ ආකෘති පත්‍රය හඳුන්වාදීමත්, මෑතකදී පිහිට වූ ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේ දී දැනුවත් කිරීමට නියමිතය.

     

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ, අසේල ඉද්දවෙල යන මහත්වරු මේ අවස්ථවට ප්‍රධාන අරාධිතයන් ලෙස සහභගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya