අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මාර්තු 29 කොළඹ දී

    මාර්තු 06, 2016

    ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මාර්තු 29 දින කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    වර්ෂ 2035 වනවිට ක්ෂය රෝග මරණ සංඛ්‍යාව සියයට 95 කින් අඩු කිරීම ඉලක්ක  කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියළු සෞඛ්‍ය අංශ වෙත විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

     

    ලෝක ක්ෂය රෝග දිනය මෙම මස (24)  දිනට යෙදී තිබේ. මෙවර ලෝක ක්ෂය රෝග දින තේමාව නමි ''එක්වෙමු, ක්ෂය රෝගය දුරලමු” යන්නයි.


    එම ජාතික දිනය නිමිති කොටගෙන ක්ෂය රෝග නිවාරණය හා ප‍්‍රතිකාර වැඩසටහන් ප‍්‍රවර්ධනය අරමුණු කොටගත් ජාතික, පළාත්, දිස්ත‍්‍රික්, ප‍්‍රාදේශීය හා ප‍්‍රජා මට්ටමින් වැඩසටහන් මෙවර ද සැළසුම් කොට ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු යොදා ඇත.


    මෙම වසරේ ලෝක ක්ෂය රෝග දිනය සැමරීමේ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන ඉළක්කය වන්නේ - ශ‍්‍රී ලංකාවාසී සියළුම දෙනා ක්ෂය රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ ඒමගින් වර්ෂ 2035 වනවිට ක්ෂය රෝග මරණ සංඛ්‍යාව සියයට 95 කින් අඩු කිරීමට (වර්ෂ 2015 ට සාපේක්ෂව) සහ ජනගහනය 100,000 කට වාර්තාගතවන ක්ෂය රෝගීන් සංඛ්‍යාව 10 කට අඩු කිරිමට අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියළු සහයෝගයන් ලබාගැනීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya