මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය මේ අවුරුද්දේ තියන්න උත්සහ ගන්නවා

    මාර්තු 06, 2016

    පළාත් පාලන මැතිවරණය මේ අවුරුද්දේ තියන්න පූර්ණ උත්සහයක් ගන්නා බවත් සියළුම ජාතීන්ට සාධාරණය ඉටුකරමින් කඩිනමින් මැතිවරණය තියන්න කටයුතු කරන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තෆා මහතා පවසයි.

    අමාත්‍යවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් මේ බව පවසා තිබේ.

     

    වැඩි දුරටත් මාධ්‍ය වෙත අඳහස් දක්වා ඇති අමාත්‍යවරයා,

     

    මහජනතාවගේ ගැටළු, මේවා නොස ළකා හැරලා අපිට පළාත් පාලන මැතිවරණය තියන්න පුළුවන්ද ? එහෙම තියෙන එක සාධාරණද? මේ ගැටළු එක්ක ඡන්ද තිබ්බොත් ඒක තමයි ජනතාවට කරන ලොකුම ද්‍රෝහිකම. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කරන ලොකුම ද්‍රෝහිකම. මට පුළුවන්නම් හෙට ඡන්දය තියෙනවා. මම උත්සහ කරන්නේ සියළුම ජාතීන්ට සාධාරණය ඉටුකරමින් කඩිනමින් මැතිවරණය තියන්න.

     

    ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට උපදෙස් දීලා තියෙන්නෙත් ගැටළු නිරාකරණය කරලා මැතිවරණය තියන්න. සමහරු මේක දේශපාලන කරන්න යොදාගන්නවා. තවත් සමහරු උසාවි යනවා. ඒක තමයි අද රටේ ප්‍රජාත්නත්‍රවාදය. හැබැයි එයාලා තේරුම් ගත්තොත් මේ ප්‍රායෝගික තත්ත්වය තව කල් අරගෙන මේක නිවරදිව කරන්න කියයි. එයාලා දේශපාලන කෝණයෙන් මේක දිහා බලන නිසා මේ ප්‍රායෝගික ගැටළුව පේන්නේ නෑ.ඒ වගේම පැරණි සමානුපාතික ක්‍රමයට තියන්න කියලා සමහරු කියනවා.

     

    මැතිවරණයක් පවත්වන්න ඕන රටේ පවතින නීතිය අනුව.පවතින නීතිය අනුව මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ කොට්ඨාශ  ක්‍රමයට. දේශපාලන කෝණයෙක් මේක දිහා බලන අයට නීතියත් අමතක වෙලා. කොට්ඨාශ සීමා නීර්ණය පිළිබඳ අභියාචනා කමිටුව සහ අමාත්‍යංශය අතර සෘජු සම්බන්ධතාවක් තියෙනවාග ඔවුන් අපිට සංශෝධිත වාර්තාව ලබාදුන්න විගස අපි ඒක ගැසට් කරනවා.

     

    ඊට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න. කොහොම වුනත් පළාත් පාලන මැතිවරණය මේ අවුරුද්දේ තියන්න පූර්ණ උත්සහයක් ගන්නවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya