අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමානීර්ණයේ ගැටළු එක්ක මැතිවරණ පැවැත්වීම ජනතාවට කරන ද්‍රෝහිකමක්- අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    මාර්තු 04, 2016

    කොට්ඨාශ සීමා නීර්ණයේ පවතින ගැටළු සහිතව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනතාවට කරන ලොකුම ද්‍රෝහිකම බව  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය,ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළකළේල ඊයේ(03) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


    තවදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා,  


    කොට්ඨාශ සීමා නීර්ණය පිළිබඳව දැනට ඉදිරිපත් කරලා තියෙන වාර්තාව කිසිසේත්ම පිළිගත නොහැකි බව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාව දිනපතා අපට එවන අභියාචනා වලින් පෙනීයනවා. ඒක ශීත කාමර වල ඉඳගෙන හදපු එකක්. එම වාර්තාව හදනකොට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් හෝ මහජනතාවගෙන් අදහස් අරගෙන නැහැ. ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීලත් නැහැ. නිලධාරීන් සමග පමණක් සාකච්ඡා කර හදපු වාර්තාවක්. කොට්ඨාශ 4,833 න් 2,000 කට ආසන්න සංඛ්‍යාවක ගැටළු මේ වනවිට ඉදිරිපත් වෙලා තියෙනවා.

     

    කොට්ඨාශ සීමා නීර්ණයේ නිර්ණායක අනුව මේ කටයුතු සිද්දවෙලා නෑ. ඒ නිසා මම කිව්වා කොට්ඨාශ සීමා නීර්ණය පිළිබඳ අභියාචනා කමිටුවට සියළු දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා දේශපාලන පක්ෂල සිවිල් සංවිධාන සහ මහජනතාව සමග සාකච්ඡා කරලා නිවරදිව මේක සංශෝධනය කරන්න කියලා. පසුගිය මාස තුනේ ඒ කමිටුවට ගිහිල්ලා ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්වෙලා තියෙන්නේ දිස්ත්‍රික්ක පහක පමණයි. ඒ තරම් ගැටළු සංඛ්‍යාවක් විමර්ශනය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි දීර්ඝ කාලයක් ගතවෙලා තියෙන්නේ. තව දිස්ත්‍රික්ක 19 ක ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා. මේක බැරෑරුම්ල සංකීර්ණ දෙයක්ග අලුතින් කොට්ඨාශ සීමා නීර්ණය කරන්න ලේසියි.

     

    කරපු සීමා නීර්ණයේ ගැට ලිහන්න අමාරුයි. මේ සීමා නීර්ණය කරන්න අවුරුදු තුනක් ගතවුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya