මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා අවදානම් අවම කිරීම සඳහා සෙන්ඩායී වැඩ සැලැස්ම

    මාර්තු 07, 2016
    ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ සෙන්ඩායී වැඩ සැලැස්ම පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ පලමු වැඩ සටහන මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.
    2015 මාර්තු මාසයේදී ලෝක රාජ්‍ය නායකයින් ජපානයේ සෙන්ඩායී නුවර දී ආපදා අවදානම් අවම කිරීමේ මෙම සැලසුමට අත්සන් තැබිණි.  ඒ අනුව ඉදිරි කාලයේදී ආපදා වලින් වන ජීවිත හානි අවම කිරීම, ආපදා වලින් වන ආර්ථික හානි අඩු කිරීම ඇතුළු මාතෘකා කිහිපයක් තුල වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ.
     
    සෙන්ඩායී වැඩ සැලැස්ම පිළිබඳ ප්‍රධාන දේශනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවම කිරීම් හා පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ අනෝජා සෙනෙවිරත්න මහත්මිය විසින් සිදු කෙරිණි.  
     
    මේ අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ඒ, සුනෙත්ලෝචන, හම්බන්තොට ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රජිත ගුණසිංහ, මානුෂීය සේවායතන සමූහයේ හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු ශ්‍රී මාල් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය. 
     
    මෙම වැඩ සටහන සංවිධානය කිරීම මානුෂීය සේවායතන සමූහය විසින් සිදු කෙරිණි.
     
    AP/DMU-Hambanthota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya