අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට හානියක් කරන්නේ නැහැ - ඇමති අර්ජුන රණතුංග පවසයි

    මාර්තු 04, 2016
    රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට කිසිඳු ආකාරයේ හානියක් නොකරන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
    එතුමා අවධාරණය කරන්නේ ආයෝජකයින් එන්නේ සිංග්පූරුවෙන්ද චීනයෙන්ද ජපානයෙන්ද ඉතියෝපියාවෙන්ද කියන කරුණ වැදගත් නොවන බවයි. අයෝජකයින් කවුරු වුණත් ඔවුන්ට අවස්ථාව ලබා දීමේදී එකී ආයෝජන රටේ නීතියට අනුකූලද යන්න අනිවාර්යෙන්ම සෙවිය යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 
     
    ඒ මහතා මේ බව කියා සිටියේ  ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත‍්‍රිකුණාමලය ඉඩම්හි පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගියදා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමේදීය.
     
    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ ඉඩම්වල කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටින ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමේදී ජනතාවටත් ප‍්‍රදේශයේ සංවර්ධනයටත් හානියක් නොවන අයුරින් එය සිදු කිරීමේ වැදගත්කමද විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා මෙහිදී  පෙන්වා දුන්නේය.
     
    “ඕනෑම ව්‍යාපෘතියක් ක‍්‍රියා කළ යුත්තේ රජයේ ප‍්‍රතිපත්තියක් මතයි. තනි තනි පුද්ගලයින්ගේ අවශ්‍යතා මත රජය කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්නේ නැහැ. රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. විදේශ ආයෝජන අපිට නතර කරන්න බැහැ. 1980 දශකයේදී සිංගප්පූරුව තමන්ගේ සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ විදේශ ආයෝජනවලින්. නමුත් ශ‍්‍රී ලංකාව එදා විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා සිංගපූරුව දියුණු වුණා. අපිට සංවර්ධනය වෙන්න බැරි වුණා. මෙයින් පාඩමක් ඉගෙන ගෙන දැන් අපි ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකයට හානි නොවන විදේශ ආයෝජන සඳහා මේ රටේ ඉඩ ලබා දිය යුතුයි. ” යනුවෙන්ද විපක්ෂනායකවරයා පැවසීය.
     
    රැස්වීමේදී කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ විපක්ෂනායකවරයා ඇතුළු සියලුදෙනාගේ අපේක්ෂාව සියලුදෙනා ශ‍්‍රී ලාංකික යන පදනම මත රට සංවර්ධනය කිරීම වන බවයි.
     
    “අද ජාතික ආණ්ඩුව සංවර්ධන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරමින් සිටිනවා.  නමුත් මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රටේ ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් කරන්නේ නැහැ. අයෝජකයෝ එන්නේ රටේ තියෙන නීතියත් එක්ක. මගේ වරායට ඇතුළට ආයෝජකයෙක් එනවා නම් මම ඉඩ දෙන්නෙත් රටේ නීතිය අනුව. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    මෙම සාකච්ඡාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නියෝජතයින් පිරිසක්ද සහභාගී වූහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya