අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙණිය රෝහලේ සිදු කළ ශල්‍ය කර්මය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්

    මාර්තු 04, 2016

    පේරාදෙණිය රෝහලේ දැරියකගේ පාදයේ සිදු කරන ලද ශල්‍ය කර්මය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    දකුණු පාදයේ ආබාධයක් සදහා වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මයක් සිදුකිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ වම් පාදයට ශල්‍යකර්මය සිදු කර ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවීමත් සමඟ ඒ පිළිබඳව සොයාබැලීම සදහා විශේෂ විමර්ශනයක් සිදු කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ උපදෙස් මත මෙම විශේෂ පරික්ෂණය ආරම්භ කරන තිබෙන  බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතාට එම ශල්‍යකර්මයට ලක් කළ දැරියගේ පියා විසින් කර ඇති පැමිණිල්ල අනුව එම විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya