අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂය රෝග මර්දනයට සියළු සෞඛ්‍ය අංශ වෙත විශේෂ චක‍්‍රලේඛයක්

    මාර්තු 03, 2016

    ශ‍්‍රී ලංකාවාසී සියළුම දෙනා ක්ෂය රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ ඒමගින් වර්ෂ 2035 වනවිට ක්ෂය රෝග මරණ සංඛ්‍යාව සියයට 95 කින් අඩු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට  ක්ෂය රෝග මර්දනයට සියළු සෞඛ්‍ය අංශ වෙත විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ලෝක ක්ෂය රෝග දිනය මෙම මස (24)  දිනට යෙදී තිබේ. මෙවර ලෝක ක්ෂය රෝග දින තේමාව නමි ''එක්වෙමු, ක්ෂය රෝගය දුරලමු” යන්නයි. එම ජාතික දිනය නිමිති කොටගෙන ක්ෂය රෝග නිවාරණය හා ප‍්‍රතිකාර වැඩසටහන් ප‍්‍රවර්ධනය අරමුණු කොටගත් ජාතික, පළාත්, දිස්ත‍්‍රික්, ප‍්‍රාදේශීය හා ප‍්‍රජා මට්ටමින් වැඩසටහන් මෙවර ද සැළසුම් කොට ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු යොදා ඇත.

     

    මෙහි ජාතික මට්ටෙමි වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මඟින් මාර්තු  29 දින කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    මෙම වසරේ ලෝක ක්ෂය රෝග දිනය සැමරීමේ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන ඉළක්කය වන්නේ - ශ‍්‍රී ලංකාවාසී සියළුම දෙනා ක්ෂය රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ ඒමගින් වර්ෂ 2035 වනවිට ක්ෂය රෝග මරණ සංඛ්‍යාව සියයට 95 කින් අඩු කිරීමට (වර්ෂ 2015 ට සාපේක්ෂව) සහ ජනගහනය 100,000 කට වාර්තාගතවන ක්ෂය රෝගීන් සංඛ්‍යාව 10 කට අඩු කිරිමට අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියළු සහයෝගයන් ලබාගැනීමයි.

     

    ඒ අනුව ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාස, ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාස, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ රේඛිය අමාත්‍යාංශයට අයත් වෛද්‍ය ආයතන සහ අනෙකුත් සියළුම වෛද්‍ය ආයතන මට්ටමින් සුදුසු වැඩසටහන් සැළසුම් කොට ක‍්‍රියාත්මක කිරීම, ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් දෛනික හා දීර්ඝකාලීන සෞඛ්‍ය අධ්‍යාපන හා පුහුණු වැඩසටහන්වලට කාර්යක්ෂම ලෙස සමෝධානය කිරීමට අදාළව සියළු සෞඛ්‍ය ආයතනවලට විශේෂ චක‍්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිකුත් කොට ඇති බව සෞඛ්ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya