අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීම විසුම්පායේදී

    මාර්තු 03, 2016
    කොළඹ දිස්ත්‍රික්කයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීම විසුම්පායේදී අද ආරම්භවු අතර එම අදහස් විමසීම 5 වනදා දක්වා සිදු කෙරේ.
    කොළඹ දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම මීට පෙර සිදුකර අවසන් කර තිබුනද ජනතාවගේ ඉල්ලීම පරිදි මෙසේ නැවත වරක් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බව කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පැවසීය.
     
    අවශ්‍ය පුද්ගලයින් හා සංවිධාන වලත් ආගමික නායකයින්ගේත් අදහස් විමසීමටත් අප්‍රේල් මාසයේදී මෙහි අවසන් වාර්තාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් විජේනායක මහතා තවදුරටත් පැවසීය.
     
    මේ වන විට දිස්ත්‍රික් සියල්ලෙහිම අදහස් විමසා අවසන් කර ඇති අතර බදුල්ල, අම්පාර හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයන් හැර අනෙකුත් දිස්ත්‍රික්කයන්ගේ 1672 ගේ අදහස් ලැබී ඇති අතර ඊමේල් පණිවුඩ  560 , ලිඛිත 507, ෆැක්ස් 111, ෆේස් බුක් ඔස්සේ 37 ක් හා දුරකථනය ඔස්සේ  56 ක ගේ ද අදහස් මේවන විට ලැබී ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya