මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය කප්පාදු කර නැහැ

    මාර්තු 03, 2016

    පොහොර සහනය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පොහොර වෙනුවට පොහොර මිල දී ගැනීමට මුදල් ලබා දීමෙන් ගොවි ජනතාවට කිසිදු අවස්ථාවටක පාඩුවක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පළාතෙන් පලාතට පස හා දේශගුණය වෙනස් වන බැවින් ගොවි මහතාට තම වගා භූමියේ පසට අවශ්‍ය ප්‍රමාණයට පොහොර යෙදීමට අවස්ථාව ලැබෙන බවයි.

    එහිදී අනවශ්‍ය ලෙස පසට රසායනික ද්‍රව්‍ය එකතු වීම වැළැක්වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගොවි ජනතාවට අවශ්‍ය ලෙස රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සඳහා මාරු වීමට අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

    එසේම පොහොර ලබාදීම තුළදී එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට අයත් සියලු ගොවීන් මුදල් ගෙවා අවසන් වන තුරු පොහොර නිකුත් කිරීමක් සිදු නොවූ අතර මුලින් මුදල් ගෙවූ ගොවි මහතාට එහිදී අසාධාරණයක් සිදු වූ බවත් මෙම මුදල් ලබාදීමේදී එවැනි ප්‍රමාදයකින් තොරව මුදල් ලබා ගෙන නිසි වේලාවට ගොවිතැන සඳහා පොහොර යෙදවීමට අවස්ථාවට ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ලබන අගහරුවාදා පැවැත්වෙන ආර්ථික කමිටුවේදී අනෙකුත් වගාවන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම පිළිබඳ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya