අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශවලට අලි වෙඩි බෙදීමට පියවර ගැනේ

    මාර්තු 04, 2016
    වන අලින්ගේ තර්ජන පවතින ප්‍රදේශවල අලි පාලන ඒකක සදහා කඩිනමින් අලි වෙඩි නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර එම අලිවෙඩි නිකුත් කිරීමේ කටයුතු නිසි පරිදි අධීක්ෂණය කරන ලෙස තිරිසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
    මොණරාගල සහ වැල්ලවාය අලි පාලන ඒකක සදහා මේ මස 02 වැනිදා වන විට අලි වෙඩි 1000 ක් නිකුත් කර තිබෙන අතර වන අලි තර්ජන පවතින ප්‍රදේශවලට ඒවා නිකුත් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර වන අලි කැළයට පලවා හැරිමේ කටයුතු සිදුකරන ලෙසටද සුමේධා ජී. ජයසේන මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත. 
     
    තවත් අලිවෙඩි තොගයක් මේ මාසය ඇතුළත ලබාදීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
    මීට අමතරව විදුලි වැටවල්වල දැනට තිබෙන අඩුපාඩු සොයා බලා කඩිනමින් ඒවා අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවද වැඩබලන ඇමතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරීසක් අතර අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
     
    සත්ව මිනිස් සංහිදියාව යනුවෙන් විදුලි වැටවල් සදහා නව සංකල්පයක් හදුන්වාදී විදුලි වැටවල් නියමාකාරයෙන් නඩත්තු කෙරෙන අතරතුර එම ප්‍රදේශවල ජනතාවට ස්වයංරැකියා මාර්ගයෙන් ආදායම් උපයාගැනීමේ ක්‍රමවේදය ළගදීම ආරම්භ කිරීමට නියමිතයි.
     
    සත්ව මිනිස් සංහිදියාව සදහා වනජීවී නිලධාරීන්ට අමතරව ගම්වල කමිටු පිහිටුවා ඒම කමිටුවලටද වගකීම් පවරන බවත් සුමේධා ජී.ජයසේන මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
     
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya