අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය කළමනාකරණය ගැන කතා කිරීමට අවස්ථාවක්

    මාර්තු 01, 2016

    පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාව මඟින් රටේ මූල්‍ය කළමනාකරණ බලය පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන බවත් ඒ තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් ද ලබා දී තිබෙන බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර කොමිසන් සභා තුළින් ඒ නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    අල්ලස් දූෂණ අවම කිරීම සඳහා නිත්‍යානූකූලව කටයුතු කරන අතර එය ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කරන බවත් ජනතා අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදු වූ අහිතකර බලපෑම් සඳහා සෑම රජයක් ම වගකිව යුතු බවත් ජනාධිපතිවරයාගේ සංකල්පයක් යටතේ  තිරසාර සංවර්ධනය වකුගඩු නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ගොවිජනතාවගේ ප්‍රශ්න විසඳීම, වී ගබඩා සඳහා බැංකු ක්‍රමයක් ආරම්භ කිරීම අතිරික්ක අස්වැන්න අපනයන වෙළෙඳපොළ වෙත ගෙන යාම , ගොවිජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් රැසක් රජය ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya