අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘතියක්

    මාර්තු 01, 2016
    කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ලෝක බැංකුවේ සහාය ඇතිව ආරම්භ කරන "මුල් ළමා විය සංවර්ධන  ව්‍යාපෘතිය" ආරම්භ කිරීමේ උත්සවය අද බත්තරමුල්ල "Water's Edge" හීදි පැවැත්විණි. 
    පෙර පාසල් යායුතු එහෙත් පෙර පාසල් නොයන දරුවන් ඒ සදහා යොමු කරවීමත් පෙර පාසල් යන දරුවන් මනා පෞරුෂ සංවර්ධනයක් හා බහුවිධ කුසලතා සහිත ප්‍රාථමික අධ්‍යාපනයක් සඳහා හොඳින් සුදානම් වන දරුවන් පිරිසක් බවට පත් කිරීමත් මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණයි. 
     
    රටක සංවර්ධනය සදහා සෘජුවම බලපාන කරුණු අතරින් එක් කරුණක් වනුයේ ගුණාත්මක මුල් ළමාවිය අධ්‍යාපනයයි.එබැවින් මුල් ළමා විය අධ්‍යාපනය සදහා ශක්තිමත්  පදනමක් තිබිය යුතුයි. අද දින ළදරුවන් හෙට දින මෙරට තීරණ ගන්නා පුද්ගලයින් බවට පත්වී රටෙහි අනාගතය තීරණය කරන බව මෙහිදී අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු පිළිබද ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
     
    ව්‍යාපෘති කළමනාකරණ ඒකකය , ළමා ලේකම් කාර්යාලය , දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ සියලු නිලධාරීන්  ,රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ ද සහය ඇතිව මෙම ව්‍යාපෘතිය වසර 5ක් ඇතුලත සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
     
    ශ්‍රී ලංකාව තුල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 17,500 ක් ද එහි සේවය කරන ගුරුවරියන් 29,350 ක් සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය තුලින් පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම, මුල් ළමා විය මධ්‍යස්ථාන 6,000 ක් ප්‍රමිතියෙන් යුතුව සකස් කිරීම,  අධ්‍යාපනය සදහා අවශ්‍ය උපකරණ සැපයීම , ආධාර ලබා දීම ආදිය මේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, අමාත්‍යංශ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රවී නානායක්කාර, ලෝක බැංකුවේ ශ්‍රි ලංකාවේ නේවාසික  අධ්‍යක්ෂ Ms.Francolse Clottes යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.    
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya