අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර හා දකුණු පළාත් ආවරණය කර ගනිමින් ගිලන් රථ නියමු ව්‍යාපෘතියක්

    මාර්තු 01, 2016

    ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරන ගිලන් රථ 88ක් භාවිත කරමින් බස්නාහිර හා දකුණු පළාත් ආවරණය කර ගනිමින් ගිලන් රථ සේවය ලබාදෙන  නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද(01) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය  සම්මන්ත්‍රණයේ දී මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ඉන්දියානු රජය ප්‍රදානයක් ලෙස මෙය ලබාදෙනවා.රෝහල් ගිලන් රථ සේවය ගිලන් රථ 1000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මකයි. මෙම නියමු ගිලන් රථ සේවය රෝහල් ගිලන් රථ සේවයට සම්බන්ධ නෑ.

     

    රිය නතුරක් හෝ හදිසි අවස්ථාවකදී එම ස්ථානයේ සිට ළඟ තිබෙන රෝහල වෙත රෝගීන් රැගෙන ඒම මෙම ගිලන් රථ සේවයෙන් සිදු වෙනවා. මෙම ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවෙන් බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    මේ සේවය ලබාදෙන්නේ කිසිදු ගෙවීමක් නොකරයි. මෙම ගිලන් රථ සේවය හොඳ පියවරක් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසූ අතර ඉදිරියේ දී ගිලන් රථ සේවය ඇමතීමට දුරකතන අංකයක් ද ලබාදීම සිදු කෙරෙන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya