අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟයක් නෑ- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 01, 2016

    රට තුළ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපල මහතා අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.


    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරය කළේ ය.

     

    ඖෂධ බෙදාහැරීමට විශාල ජාලයක් තිබෙනවා. එය සංකීර්ණ ජාලයක්.අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් නෑ. ඇතැම් ඖෂධවලට ආදේශක ඖෂධ තිබෙනවා. ඒ නිසා රෝහල්වල ඖෂධ හිඟයක් නෑ. සතිපතා සෞඛ්‍ය සේවය පිළිබඳව විමර්ශනය කරනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    මෙවර අයවැයෙන් බිලියන 216ක් වෙන්කර තිබෙනවා. ඖෂධ සඳහා බිලියන 45ක්. වැඩිම මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. රෝහල් රැසක් වැඩිදියුණු කරනව. මාතෲ රෝහල් නවීකරණය කරනවා යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya