අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් කන්තාවක් බිහිකළ යුතුයි

    මාර්තු 01, 2016

    රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් කන්තාවක් බිහිකළ යුතු බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද (01)සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.මාර්තු 08 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සංවිධායක කර තිබුණි.

     

    කාන්තාවන් දැයට අභිමානයක්.කාන්තාව නිසයි සමාජය රැකෙන්නේ.අපේ ඉතිහාසය මාතෘ මූලික සමාජයක්.අපි මවට සළකන සමජයක්. මානව සමාජයේ උපත කාන්තාවයි.අපේ රටේ කාන්තා ආයු අපේක්ෂාව 78.08යි.කාන්තාවන් වෙනුවෙන් විශාල සෞඛ්‍ය සේවයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා.අපේ රටේ මාතෘ සාහයන 8000ක් පමණ ක්‍රියාත්මක වෙනවා.පවුල් සෞඛ්‍ය සේවිකාවක් සෑම ගමකම සිටිනවා.අපි සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් බිහිකළ යුතුයි.

     

    ඇය ශාරීරිකව, මානසිකව, අධ්‍යාඅත්මිකව ශක්තිමත් කළ යුතුයි.සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.අපේ රටේ කාන්තාවන්ගේ සෞඛ්‍ය රැකගැනීමට සුවිශේෂී දායකත්වයක් සපයනවා යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    මේ අවස්ථවට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් (මහජන සෞඛ්‍ය සේවා ) වෛද්‍ය ආර්.ආර්.එම්.එල්.සියඹලාගොඩ යන මහත්වරු සහභගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya