මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ-පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සුවිශේෂී පිරිසක් -ජනමාධ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 29, 2016

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ එක් අයකුට පමණක් නොවේ.පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සුවිශේෂී පිරිසක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ තොරතුරු තාක්ෂණ වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.


    මෙම වැඩමුළුවට සහභාගීවන්නේ සුවිශේෂී මාධ්‍යවේදීන් පිරිසක්.පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනයයි.රටේ ජනතාවට බලපාන විවිධ කරුණු කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්.මේ පිරිස ඒ නිසාම සුවිශේෂී පිරිසක් ලෙස දැක් තිබෙනවා.

     

    බොහෝ මාධ්‍ය ආයතන,පාර්ලිමේන්තුව වාර්තා කිරීමට යොමු කරන්නේ වගකිවයුතුව කටයුතු කළ හැකි පිරිසක්. බොහෝ ලෙස වගකිව යුතු ලෙස වාර්තා කරන පිරිසක් ලෙස අපි දකිනවා.

     

    අපි මන්ත්‍රීවරු විදියට එළියට යන වේලාවක් තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් එලෙස්  එළියට යන්නේ නෑ. දීර්ග කාලයක් දන්නා හුරුපුරුදු මුහුණු තිබෙනවා.

     

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ එක් අයකුට පමණක් නොවේ.ලක්ෂ සංඛ්‍යාත පිරිසකටයි වාර්තා කරන්නේ.මේ සඳහා වෘත්තීමය පළපුරුද්ද ඉතාම වැදගත්.එය අවශ්‍යයි.


    පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වර්තා කියවා බලනවිට, 60-70 කාලයේ  විවාද බලද්දි ඒවා බොහෝ අර්ථවත්.අද විවාද පිළිබඳව යම් යම් විවේචන තිබෙනවා.මාධ්‍ය වාර්තා කරන ක්‍රමය අනුව,මන්ත්‍රීවරුත්

    කතා කරන්න හැඩගැසිලා.මන්ත්‍රීවරයද කතා කරන්නේ ප්‍රචාය සඳහායි. රටේ ජනමාධ්‍යය  අර්ථවත් තැනකට යනවා නම්, වාර්තාකරණයේ දී විශිෂ්ඨ අඳහස්වලට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ යුතුයි.

     


    මාධ්‍යවේදීන් සඳහා සියලු පහසුකම් අපි සළසනවා.ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.ඒ සඳහා සාකච්ඡා කරනවා.නිර්ණායක සකස්කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින්.


    යතුරු පැදි ලබාදීම සඳහා 2000ක් වෙත ලිපි යාවා තිබෙනවා.මාර්තු 26-27-28 දිනවල උතුරේ මාධ්‍යවේදීන්ගේ දුක සැප බලන්න යනවා. 26 වැනිදා දුම්‍රියෙන් ඒ ගමන සිදු කරනවා.මිය ගිය උතුරේ මාධ්‍යවේදීන් තිදෙනෙකුට නිවාස තනාදීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කළ තොරතුරු තාක්ෂණ වැඩමුළුව(Digital Media and Technology Enabled Society) අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     


    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,ගයන්ත කරුණාතිලක මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය.


    වැඩමුළුවට සහභාගී වූ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචර්ය දර්ශනී ගුණතිලක මහත්මියගේ සුරතින් සිදු විය.

     

    මෙහිදී ජනමාධ්‍යවේදීන් උදෙසා විශේෂ දේශනය පවත්වන ලද්දේ,මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ලොචන්දන රත්නායක මහතා විසිනි.

     

     

    තාක්ෂණයේ කොදෙව් මානසිකත්වය නැතිකරගත යුතුයි-ආචාර්ය දර්ශනී ගුණතිලක

     

    මෙහිදී අඳහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය,

    මෙම වැඩමුළුව ඉතාමත් අගනා වැඩමුළුවක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙවැනි කාර්යයකට දායකවීම සතුටක්. අපි සිටිනා තැන නොව අප සිටිය යුතු තැන පිළිබඳව සහ තාක්ෂණයෙන් අප යා යුතු ආකාරය පිළිබඳව මෙම වැඩමුළුවෙන් ඉතාමත් හොඳ අවබෝධයක් ලබා දුන්නා.මෙවැනි වැඩමුළු ඉදිරියටත් පැවැත්වීම වැදගත්. ඒ සඳහා අපගේ සහාය ලැබෙනවා. අපි තාක්ෂණයේ කොදෙව් මානසිකත්වය නැතිකරගත යුතුයි.

     

    a medi1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya