අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම යළි ක්‍රියාත්මක වෙයි

    පෙබරවාරි 29, 2016


    පසුගිය දිනකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රීයවීමත් සමග එහි සිදුකරන ලද නඩත්තු කටයුතු වලින් පසුව එම බලාගාරයේ මෙගාවොට් 900ක සම්පූර්ණ ධාරිතාවය අද (29) දිනයේ සිට නැවතත් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  ප්‍ර‍කාශ කරයි.

    ඒ මහතා මෙම අදහස් ප්‍ර‍කාශ කළේ රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිවන කෑගල්ල  නාගරික ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සදහා අද (29) පස්වරුවේ ඒ පිළිබදව නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ජාතික විදුලිබල පද්ධතියට වැඩි දායකත්වයක් සපයන නොරොච්චෝල විදුලි බලාගාරයේ  පසුගියදා ඇති වූ තත්ත්වය සමනය කිරීමත් සමග නැවතත් ජාතික විදුලි බල සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya