අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සිංහරාජයෙන් අමුතු සතෙකු හමු වේ”

    පෙබරවාරි 29, 2016
    හඳුනාගත නොහැකි සත්වයෙක් සිංහරාජ වනාන්තරයෙන් හමුවී ඇති බව වනජීවි අමාත්යංශය පවසයි.
    2016/02/28 වන දින සවස 04.00 ට පමණ හඳුනාගත නොහැකි සතෙකු සිටින බවට සිංහරාජ අඩවි කාර්යාලයට දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඉන් ක්‍රියාත්මක වුණු වනජීවී නිළධාරීන් සිංහරාජ වනාන්තරය ආශ්‍රිත වැද්දාගල සහ පොතුපිටිය අතර පිහිට පනාපොල කොස්ගුලන පෙදෙසට ගොස් මෙම සතා පරීක්ෂා කර ඇත.
     
    නමුත් වනජීවී නිළධාරීන්හට මෙම සතා හඳුනා ගත නොහැකි  වූ බවට වනජීවී කාර්යාලයට වාර්තා කර ඇති අතර, මෙම සත්වයාගේ පෙනුමට අනුව රන් හෝතඹුවා සහ උගුඩුවා වැනි සත්ව විශේෂ වලට ආසන්න පෙනුමක් තිබුණ ද වලිගය නොමැතිකම සහ කහ කළු දුඹුරු පැහැති ලෝම ඇති බැවින්, අනෙක් උගුඩු විශේෂයන්ට වඩා වෙනස් බව තහවුරු විය.
     
    මෙම සතා පිළිබඳව දන්නා ගම්මුන් හෝ පුද්ගලයන් සිටීනම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ සහාය පතන බව සඳහන් කළ යුතුය. මෙම සත්වයාගේ බර කිලෝ ග්‍රෑම් 03 ග්‍රෑම් 300 ක් වන අතර, මෙම සතා දිගින් සෙන්ටිමීටර් 60 ක් වේ. මෙම සත්වයාගේ වලිගය නොමැති අතර, කුඩාකලම වලිගය කැඩී ඇති බවට සැකයක් පවතියි. මෙම සත්වයාගේ බාහු ප්‍රදේශයේ උස සෙන්ටිමීටර් 39.1 වේ. ඉදිරියේ දී මෙම සත්වයාගේ ජාන විශ්ලේෂණය කොට මෙම සත්වයා හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද වන ජීවී අමාත්‍යංශය පවසයි.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya