අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසවිස නැති රටක් ජාතික වැඩසටහන මාර්තු 6 ඇරඹේ

    පෙබරවාරි 28, 2016

    “ධාර්මික ගොවිතැනක් නිරෝගි ජනතාවක් වසවිස නැති රටක්“ තේමාව යටතේ තුන් අවුරුදු ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මාර්තු 6,7,8 තෙදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කළහ.

    මෙම තෙදින පුරා ප්‍රදර්ශන කුටි, වැඩමුළු, දේශන ආදි වැඩසටහන් රැසක් මෙම තෙදින පුරා ක්‍රියාත්මක වන අතර නොමිලේ ඒ සඳහා සියලු දෙනාටම සහභාගි වී විසවිසෙන් තොර ආහාර භාවිතය පිළිබඳ දැනුම අවබෝධය ලබා ගැනීමට හැකිය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර  මෙම ජාතික වැඩසටහන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක් ද එක් කරගනීමින් ක්‍රියාත්මක කරන බව ද පැවසූහ.

    සම්පූර්ණයෙන්ම උග්‍ර විස සහිත වල්නාශකයක් වන ග්ලයිපොසෙට් තහනම් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙන බවත් පසුගිය කන්නයේ මෙම විස සහිත වල්නාශක භාවිතය 80%කින් අඩු කර ගැනීමට හැකි වී තිබෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නහ.

    එසේම රසායනික පොහොර වෙනුවට පරිසර හිතකාමී පොහොර භාවිතය සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව විද්‍යාත්මකව මේ වන විට ඔප්පු කර තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ මෙම වසර 3 අවසන් වන විට සම්පූර්ණයෙන්ම වසවිසෙන් තොර ආහාර පාරිභෝන රටාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වන බව ද සඳහන් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya