අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තම රටට සාමය උදා කර ගැනීමට දරන ප්‍රයත්නය සුවිශේෂියි

    පෙබරවාරි 28, 2016

    ප්‍රාදේශීය ගැටලුවලට විසදුම් ලබා දීමට හා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තම රටට සාමය උදා කර ගැනීමට දරන ප්‍රයත්නය සුවිශේෂී වන බව එක්සත් ජනපද ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.


    ශ්‍රී ලංකා එක්සත් ජනපද හවුල්කාරිත්ව ප්‍රථම සංවාදයට පෙර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජනපද ලේකම් ජෝන් කෙරී මහතා  හමු වූ අවස්ථවේ දී එක්සත් ජනපද මහලේකම්වරයා මේ බව පවසා ඇත.

     

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මගේ මිත්‍ර මංගල සමරවීර මැතිතුමා මෙහිදී පිළිගනු ලබන්නේ ඉතා සතුටිනි. එතුමා සමග ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කිරීමට මා හට අවස්ථාවක් උදා වූ අතර ප්‍රතිසන්ධානය උදෙසා ශ්‍රී ලංකා රජය දිගින් දිගටම සිත් ගන්නා සුළු පියවර ගෙන තිබීම පිළිබඳව  සුභ පැතුම් පිරිනමමි. ප්‍රාදේශීය ගැටලු වලට විසදුම් ලබා දීමට හා විශේෂයෙන්ම තම රටට සාමය උදා කර ගැනීමට දරන ප්‍රයත්නය  සුවිශේෂී වෙයි. අපි ඇත්ත වශයෙන්ම ඔබව සාදරයෙන් පිළිගනිමු.

     

    අපි සාකච්ඡාමය ක්‍රියාවලියක නිරතව සිටින්නෙමු. එය අපගේ උප ලේකම් ටොම් ෂැනොන් මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමග පැවත් වීමට  නියමිත ක්‍රමෝපායික යාන්ත්‍රණයට මුල පිරීමක් වේ. අඛණ්ඩ ප්‍රගතියක් අත් කර ගැනීම සදහා අවශ්‍ය  ඉදිරි සැලැස්ම සැකසීමට අප හුදෙක්ම බලාපොරොතු වෙමු.එහෙයින් ඔබතුමා හමු වීමට ලැබීම ඉතා වැදගත් වේ යැයි එක්සත් ජනපද මහලේකම්වරයා පවසා ඇතැටි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා -

    ස්තුතියි...රාජ්‍ය දෙපාර්තමේන්තුවට නැවත පැමිණීමට ලැබීම පිළිබදවත් පසු ගිය වසරේදී නව පරිපාලනය බලයට පත් වීමෙන් පසුව හරියටම වසරකින් නිශ්චිතවම කිවහොත් වසරකුත් සතියක් නික්ම ගිය අවස්ථාවේ රජය ලේකම් ජෝන් කෙරී මැතිතුමන් හමු වීමට ලැබීම පිලිබදව අතිශයෙන්ම සතුටට පත් වෙමි.

     

    ඇත්තවශයෙන් ම පසු ගිය මස 12 ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට ඔබතුමාට අවස්ථාව උදා වූ අතර වසර 43 කට පසුව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයෙකු විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ පළමු සංචාරය වන්නේ එයයි.

     

    පසු ගිය මැයි මාසයේදී සමන්තා පවර් මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල මට්ටමේ සංචාරයක වූ අතර රාජ්‍ය  දෙපාර්තමේන්තුවට අයත් ඉහල මට්ටමේ නිලධාරීන්ගේ සංචාරයක් බොහොමයක් ද සිදු විය.

    ඉතා සුහදශීලි සම්බන්දතාවයක්  ඇමරිකාව එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඇති විශේෂ සම්බන්දතාවයක් බවට ඉහලට ඔසවනු ලැබිණි.

    එක්සත් ජනපදය - ශ්‍රී ලංකාව පාර්ශවකරිත්ව සංවාදයේ සමාරම්භක රැස්විම පැවැත්වෙන තුරු මා මග බලා සිටින්නේ දෙරට අතර සම්බන්දතාවය පුළුල් කිරීමටත් ඉඩ කඩ සැලසෙන බව මා විශ්වාස කරන බැවිනි.මෙම අවස්ථාවට ආරාධනය කිරීම ගැන ස්තුති වන්නෙමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya