නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන - ශී‍්‍ර ලංකා බලශක්ති අමාත්‍යවරුන්ගේ හමුවක්

    පෙබරවාරි 26, 2016

    ශ‍්‍රී ලංකාව  මුහුණපා සිටින බලශක්ති අර්බුදයට තිරසාර විසඳුම් වශයෙන් මේ වනවිට යොමුවෙමින් සිටින පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳව ඉරාන රජයේ අවධානය යොමුවී තිබෙන අතර තම රටේ පුනර්ජනනීය බලශක්ති ඥානය, ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙන බව ඉරාන රජයේ බලශක්ති අමාත්‍ය හමීඩී චිචියන් මහතා (Mr. Hamid Chichian& පැවසීය.

     විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා හමු වූ ඉරාන ඉස්ලාමීය ජනරජයේ බලශක්ති අමාත්‍යවරයා දෙරට අතර පවතින්නාවූ ද්විපාර්ශ්වීය සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් ඉරානය තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ක‍්‍රමෝපායන් පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රයද දැනුවත් කරන බව ද පැවසීය.

    ඉරාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ක‍්‍රමෝපායයන් මෙරටේ අනුගමනය කිරීමට අවශ්‍ය සහාය සපයන බවයි.

     ඉරාන  රාජ්‍යය තුළ මේ වනවිට ස්වභාවික ගෑස් මෙන්ම සුළං යන ප‍්‍රභවයන් යොදා ගනිමින් බලශක්ති උත්පාදනය කරනු ලබන බව පැවසූ අමාත්‍යවරයා, මේ වනවිට ලංකාව තුළ ලැබෙමින් පවතින්නාවූ ගෑස් සම්පත වැඩිවශයෙන් යොදා ගනිමින් බලශක්තිය උත්පාදනය කෙරෙහි යොමුවීම ආර්ථික වශයෙන් වැදගත් වියහැකි බව පෙන්වා දුන්නේය.

    වසර 2017 වනවිට ශ‍්‍රී ලංකාවේ බලශක්තියෙන් සැලකියයුතු ප‍්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ දායකත්වයෙන් ලබාගැනීමට මේ වනවිට සැලසුම් සකස්කර තිබෙන බව, ලාංකීය බලශක්ති ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම් විස්තර කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.

     එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස්, දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායයන් පිළිබඳව  ඉරාන අමාත්‍යවරයා විෂයබාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මෙම කරුණු වලට අමතරව  දෙරට අතර මිත‍්‍රත්වය තහවුරු කරගැනීම පිළිබඳවද අමාත්‍යවරයා සමඟ වැඩිදුර කරුණු සාකච්ඡා කළ ඉරාන අමාත්‍යවරයා, මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට සිය රට වෙතින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා පොරොන්දු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya