නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්‍ෂ ජම්බෝරිය රටටම වාසනාවක් -උතුරු අධ්‍යාපන ඇමති

    පෙබරවාරි 26, 2016
    බාලදක්‍ෂ ජම්බෝරිය තුළින් උතුරු - දකුණු මිත‍්‍රත්වයේ සිනහව රටටම වාසනාවක් බව උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ටී.ගුරු කුල රාජා මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් දැක්වූයේ  යාපනය මධ්‍ය මහා විදුහල් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වුණු ශී‍්‍ර ලංකා 9 වන ජාතික බාලදක්‍ෂ වැඩ සටහන ට සමගාමීව පැවැති සංස්කෘතික වැඩ සටහන අමතමින්ය. 
     
    දෙස් - විදෙස් ආරාධිත අමුත්තන් හා බාලදක්‍ෂයන් විශාල පිරිසක් එක්වූ මෙම සංස්කෘතික උත්සවය අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ගුරු කුල රාජා මහතා මෙසේද පැවසීය.
    පලමු ලෝක යුද්ධය අවසන් වී වසර පහකට පසු 1916 දී යාපනය බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ වූණා. එසේම ශී‍්‍ර ලංකාව තුල පැවැති යුධ වාතාවරණය අවසන්වී වසර පහකට පසු යාපනය බාලදක්‍ෂ ව්‍යාපාරයේ 100 වසර සැමරීමට ලැබීම දෛවෝපගත සිද්ධියක් ලෙසයි මා දකින්නේ.
     
    විශේෂයෙන් මේ තුළින් ශී‍්‍ර ලාංකික සිංහල, දෙමළ,මුස්ලිම් දරුවන් එකට එක්ව කි‍්‍රයාකාරකම් සිදු කරමින් සිටිනු දැකීම අප සියළුම දෙනාගේ සතුටට කරුණකි.
     
    එකිනෙකා අතර සුහද බව වර්ධනය කරමින් කි‍්‍රයාත්මක බාලදක්‍ෂ ව්‍යාපාරය තවත් ශක්තිමත්ව ඉදිරියට යෑම නිතැතින්ම සිදුවන බව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. මෙම උත්සවයට සමගාමීව බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලැබූ උතුරු පළාත් ආදි බාලදක්‍ෂයන්ට සහ බාලදක්‍ෂ ආචාර්ය වරුන්ට සම්මාන ලබා දීමක්ද සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාවට බාලදක්‍ෂ ප‍්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා ද එක්විය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya