මේ අවස්ථාව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ‘හෙල්දි ලංකා‘ ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙරට වැඩිහිටි පිරිමි ජනගහනයෙන් 40% ක් සහ කාන්තාවන් 2% ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වී ඇති බවත් වැඩිහිටියන්ගෙන් සෑම ලක්ෂයකටම 33.4 කට මධ්‍යසාර භාවිතයෙන් හටගන්නා සිරෝසීස් රෝගය වැලදී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එමෙන් ම මෙරට රෝහල් හි ඇඳන් වලින් 20% ක ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසාවෙන් ගිලන් වූ රෝගීන්ගෙන් පීරී ඇති බවත් එක ගමකින් වසරකට කෝටි 1.5 ක මුදලක් මෙම මත් ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා වැයවන බවට හෙල්දි ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ චාමික ජයසිංහ මහතා විසින් අනාවරණය කරන ලදී.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව නියෝජනය කරමින් නිජෝජිතයින් රැසක් ද සහභාගී වී සිටියහ.
AP/DMU-Galle