ඉතාලියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් Paolo Andrea Bartorelli මහතා, විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය අතර පසුගියදා සාකච්ඡාවක් අමාත්‍යංශයේ පැවැති අතර එහිදී දෙපාර්ශයම එකඟත්වයට පැමිණි ඇත.
මෙහිදී ඉතාලි රජය හා ශ‍්‍රි ලංකාව අතර, 2011 වර්ෂයේදී අත්සන් කළ රැකියා ගිවිසුම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ඒ තුළින් මෙරටට ලැබුණු රැකියා අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කළහ.
ඉතාලි මහකොමසාරිස්වරයා සඳහන් කළේ, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට හොඳ ඉල්ලුමක් පවතින බවත්, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ඉතා කඩිසරව වැඩ කටයුතු කරන බවත්ය. ඉතාලි රැකියා අවස්ථා ලැබෙන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ලැබෙන පුහුණුව පිළිඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, මෙවැනි සාකච්ඡා ඉදිරියේදී පවත්වාගෙන යාමටත්, ඒ මඟින් ශ‍්‍රි ලංකාවට වැඩි රැකියා අවස්ථාවන් ලබාගැනීමටත් හැකිවනු ඇතැයි විදේශ රැකියා අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට ඉතාලියේ ශ‍්‍රි ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය යන මහත්වරුන් ද සහභාගි වූහ.